Srilanka Government

වෙනත් සේවාවන්

වායුසමනය කරන ලද දුම්රිය කට්ටල හා විශේෂ දුම්රිය කට්ටල යොදාගනිමින් විශාල කණ්ඩායම් සඳහා  කුලී පදනමින් සැපයීමේ විශේෂ සේවාවන් ලබා දෙනු ලැබේ. මහනුවර, පොළොන්නරුව, මඩකලපුව, අනුරාධපුර, මිහින්තලය, ත්‍රිකුණාමලය සහ ගාල්ල දුම්රිය ස්ථානවල  මගීන් සඳහා නවාතැන් පහසුකම් ලබාගත හැක. තනි, යුගල හා පවුලේ කාමර (ඇඳන් 05) ඇත.  පුද්ගලයන් 25 ක් සඳහා විවේකාගාරයක් මිහින්තලය දුම්රිය ස්ථානයේ ඇත.

කතරගම සහ නුවරඑළියේ දුම්රිය සේවයට අයත් සංචාරක බංගලා ඇත. දුම්රිය සේවය, පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයන්ට, ශිෂ්‍යයන්ට හා අනෙකුත් නිරන්තර සංචාරයේ යෙදෙන්නන්ට අතිශයින්ම සහනදායී ගාස්තුවලට වාර ප්‍රවේශ පත්‍ර ලබා දෙයි.
නිවාඩු කාලීන දුම්රිය බලපත්‍ර මගින් රජයේ සේවකයෝ ප්‍රතිලාභ ලබති. රටේ සියළුම ජ්‍යෙෂ්ඨ පුරවැසියෝද වන්දනා ගමන් සඳහා නිවාඩු කාලීන දුම්රිය බලපත්‍ර භාවිතා කිරීමේ ප්‍රතිලාභය ලබති. වයස අවු. 3 ට ‍අඩු  ළමුන් නොමිලයේ ප්‍රවාහනය කෙරෙන අතර අවුරුදු 3 සහ අවුරුදු 12 අතර ළමුන් වෙනුවෙන් අය කරනු ලබන්නේ ගාස්තුවෙන් භාගයකි.

මීට අමතරව පහත සඳහන් සේවාවන්ද ශ්‍රී.ලං.දු. සේවය මගින් සපයනු ලැබේ.

අවසන් යාවත්කාලීන කිරීම 2021 අප්‍රේල් 19 වෙනි සදුදා, 07:26