අනාගත සැලසුම්
- ධාවන වේගය පැ.කි.මී. 80 සිට පැ.කි.මී. 100 දක්වා වැඩි කිරීම
- නව දුම්රිය මාර්ග ඉදි කිරීම
- දුම්රිය එංජින් හා මැදිරි සංඛ්‍යාව වැඩි කිරීම
- සංඥා සහ විදුලි සංදේශ පද්ධති ප්‍රතිසංස්කරණය
- විදුලි බලය සැපයීම
- තොරතුරු තාක්ෂණය
ධාවන වේගය පැ.කි.මී. 80 සිට පැ.කි.මී. 100 දක්වා වැඩි කිරීම
යෝජනා ක්‍රමය | වර්ග ප්‍රමාණය | කාල පරිච්ඡේදය | සටහන් |
මුහුදුබඩ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය | කොළඹ සිට මාතර දක්වා කි.මී. 159 | වසර 2 කි. | ඉදි කිරීමේ පළමු අදියර වූ ගාල්ල සිට මාතර දක්වා දුම්රිය මාර්ගය (කි.මී. 45) පැ.කි.මී. 100 ක වේගයෙන් ධාවනය සඳහා යෝග්‍ය පරිදි දැනටමත් සම්පූර්ණ කර ඇත. |
උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය | ඕමන්තෙයි සිට කන්කසන්තුරේ දක්වා කි.මී. 170 | වසර 3 කි. | පැ.කි.මී. 120 ක වේගයෙන් ධාවනය කළ හැකි පරිදි ව්‍යාපෘති දෙකක් යටතේ ඕමන්තෙයි සිට පල්ලෙයි දක්වා ද පල්ලෙයි සිට කන්කසන්තුරේ දක්වා ද මාර්ගය ඉදි කෙර්. ඉන්දියාවේ IRCON International වෙත කොන්ත්‍රාත්තුව ප්රදානය කර ඇත. |
තලේමන්නාරම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය | මැදවච්චියේ සිට තලේමන්නාරම තොටුපොළ (ජෙටිය) දක්වා කි.මී. 101 | වසර 2 කි. | පැ.කි.මී. 120 ක වේගයෙන් ධාවනය කළ හැකි පරිදි ව්‍යාපෘති දෙකක් යටතේ මැදවච්චිය සිට මඩු දක්වා ද මඩු සිට තලේමන්නාරම තොට දක්වා ද දුම්රියම මාර්ගය ඉදි කෙරේ. තොටුපොළ (ජෙටිය) ඉදිකිරීමද මීට අයත්ය. ඉන්දියාවේ IRCON International වෙත කොන්ත්‍රාත්තුව ප්රදානය කර ඇත. |
වානේ පාලම් ප්‍රතිස්ථාපනය කිරීම | වානේ පාලම් 8 සිට 10 දක්වා | වසර 2 කි. | බෙල්ජියමේ මූල්‍යාධාර මත පැරණි වානේ පාලම් 8 – 10 ක් ඉවත් කර අළුත් පාලම් ඉදි කෙරේ. |
යෝජනා ක්‍රමය | වර්ග ප්‍රමාණය | කාල පරිච්ඡේදය | සටහන් |
මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය ඉදි කිරීම | පළමු අදියර - මාතර සිට බෙලිඅත්ත දක්වා කි.මී. 35 | වසර 3 කි. | ව්‍යාපෘති දෙකක් මගින් මාතර සිට බෙලිඅත්ත දක්වා ද බෙලිඅත්ත සිට කතරගම දක්වා ද පැ.කි.මී. 120 ක ධාවන වේගයකට යෝග්‍ය පරිදි මාර්ගය ඉදි කෙරේ. |
දකුණ චක්‍රිය දුම්රිය මාර්ගය ඉදි කිරීම | බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා කි.මී. 79 | වසර 3 කි. | පැ.කි.මී. 120 ක වේගයෙන් ධාවනය කළ හැකි පරිදි සූරියවැව හරහා බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා මාර්ගය ඉදි කෙරේ. ව්‍යාපෘතිය සැලසුම් අවධියේ පවතී |
කුරුණෑගල සිට හබරණ දක්වා දුම්රිය මාර්ගය ඉදි කිරීම | කුරුණෑගල සිට හබරණ දක්වා කි.මී. 81 | පැ.කි.මී. 120ක වේගයෙන් ධාවනය කළ හැකි පරිදි දුම්රිය මාර්ගය ඉදි කරන අතර, ශක්‍යතා අධ්‍යයනය සම්පූර්ණ කර ඇත. |
දුම්රිය එංජින් හා මැදිරි සංඛ්‍යාව වැඩි කිරීම
යෝජනා ක්‍රමය | වර්ග ප්‍රමාණය | කාල පරිච්ඡේදය | සටහන් |
ඉන්දියාවෙන් ඩීසල් බලවේග කට්ටල මිලදී ගැනීම | බලවේග කට්ටල ඒකක 20 ක් | වසර 2 කි. | මුහුදුබඩ දුම්රිය මාර්ගයේ යෙදීම සඳහා බලවේග කට්ටල ඒකක 20 ක් ඉන්දියාවෙන් මිලදී ගනු ඇත. ඒවා 2011 වසරේදී ලැබීමට නියමිතය. |
චීනයෙන් ඩීසල් බලවේග කට්ටල මිලදී ගැනීම | බලවේග කට්ටල ඒකක 13 කි. | වසර 2 කි. | මුහුදුබඩ දුම්රිය මාර්ගයේ යෙදවීම සඳහා බලවේග කට්ටල ඒකක 13 ක් චීනයෙන් මිලදී ගනු ඇත. ඒවා 2012 වසරේදී ලැබීමට නියමිතය. |
ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් මිලදී ගැනීම | එන්ජින් 3 කි. | වසර 1 කි. | දකුණු දුම්රිය මාර්ගය ඉදිකිරීම් ව්‍යාපෘතිය යටතේ දුම්රිය එංජින් දෙකක් ලැබෙනු ඇත. පළමුව මෙම එන්ජින්, මාර්ග ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගනු ඇත. |
විශේෂ ගමන් සඳහා චීනයෙන් දුම්රිය කට්ටල මිලදී ගැනීම | දුමිරිය කට්ටල 2 කි. | වසර 2 කි. | විශේෂ ගමන් සඳහා වූ පහසුකම් සහිතව තනන ලද දුම්රිය කට්ටල දෙකක් චීනයෙන් මිලදී ග්නනා අතර ඒවා 2012 වසරේදී ලැබීමට නියමිතය. |
ඉන්ධන ප්‍රවාහන ගැල් (වැගන්) පාකිස්ථානයෙන් මිලදී ගැනීම. | ගැල් 24 කි. | වසර 1 කි. | ඉන්ධන ප්‍රවාහනය සඳහා ප්‍රාග්ධන ගැල් 24 ක් පාකිස්තානයෙන් මිලයට ගනු ලැබේ. |
ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් මිලදී ගැනීම | එන්ජින් 6 කි. | වසර 1 කි. | උතුරු දුම්රිය මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතිය යටතේ දුම්රිය එංජින් දෙකක් ලැබෙනු ඇත. පළමුව ඒවා දුම්රිය මාර්ග ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගනු ඇත. |
ඉන්දියාවෙන් සේවා ගැල් (වැගන්) මිලදී ගැනීම. | සේවා වැගන් 52 කි. (BHO) | වසර 1 කි. | උතුරු දුම්රිය මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතිය යටතේ සේවා ගැල් 52 ක් ලැබෙනු ඇත. මෙම ගැල් පළමුව දුම්රිය මාර්ග ඉදි කිරීම් කටයුතු සඳහා යොදා ගනු ඇත. |
සංඥා සහ විදුලි සංදේශ පද්ධති ප්‍රතිසංස්කරණය
යෝජනා ක්‍රමය | වර්ග ප්‍රමාණය | කාල පරිච්ඡේදය | සටහන් |
උතුරු සහ තලේමන්නාරම් මාර්ගයේ සංඥා සහ විදුලි සංදේශ පද්ධති ප්‍රතිසංස්කරණය | අනුරාධපුර සිට කන්කසන්තුරේ දක්වා සහ මැදවච්චිය සිට තලේමන්නාරම තොට දක්වා කි.මී. 310 | වසර 3 කි. | දෘශ්‍ය තන්තු ආධාරක සහ ගුවන්විදුලි විදුලි සංදේශ සහිත වර්ණ ආලෝක සංඥා සහ විදුලි සංදේශ පද්ධති ස්ථාපිත කිරීමද ව්‍යාපෘතියට ඇතුළත් වේ. |
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මධ්‍යගත දුමිරිය ගමන් පාලන පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම | මරදාන සිට වාද්දුව දක්වා කි.මී. 35 | වසර 1 කි. | මුහුදුබඩ මාර්ගයේ වසර 25 ක් පැරණි මධ්‍යගත පද්ධතිය, නව පද්ධතියක් මගින් ප්‍රතිස්ථාපනය කරනු ඇත. |
ප්‍රධාන මාර්ගයේ සංඥා සහ විදුලි සංදේශ පද්ධතිය පුනරුත්ථාපනය | මරදාන සිට රඹුක්කන දක්වා කි.මී. 72 | වසර 2 කි. | දෘශ්‍ය තන්තු ආධාරක සහ ගුවන් විදුලි විදුලි සංදේශනය සහිත විදුලි සංදේශ පද්ධතියක් ස්ථාපිත කිරීම සහ මධ්‍යගත පාලන පද්ධතිය ඇතුළුව වසර 50 ක් පැරණි ආලෝක සංඥා වර්ණ පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම ව්‍යාපෘතියට අන්තර්ගත වේ. |
යෝජනා ක්‍රමය | වර්ග ප්‍රමාණය | කාල පරිච්ඡේදය | සටහන් |
බහු විදුලි ඒකක සහ සංඥා ඇතුළුව විදුලිබලය සැපයීම | වේයන්ගොඩ සිට මරදාන දක්වා, රාගම සිට මීගමුව දක්වා සහ මරදාන සිට කළුතර දක්වා කි.මී. 120 | වසර 3 කි. | විදුලිබල සැපයීම සහ බහු විදුලි ඒකක 15 ක් සැපයීම ව්‍යාපෘතියට අයත් වේ. |
යෝජනා ක්‍රමය | වර්ග ප්‍රමාණය | කාල පරිච්ඡේදය | සටහන් |
විද්‍යුත් ගෙවීම් | විද්‍යුත් ගෙවීම් පහසුකම් ලබා දෙන අතර ගෙවීම් වර්ග 6 කි. | වසර 1 කි. | පරිගණක යෙදුම් වර්ධනය කිරීම මගින් ආසන වෙන් කරවා ගැනීම, විශේෂ දුම්රිය වෙන් කරවා ගැනීම, වෙළඳ දැන්වීම් සඳහා මුදල් ගෙවීම, චිත්‍රපට රූගත කිරීම, භාණ්ඩ ප්‍රවාහනය සහ ටෙන්ඩර් ලේඛන මිලදී ගැනීම සඳහා මාර්ගගත ගෙවීම් (අන්තර්ජාලය හරහා) සඳහා පහසුකම් සපයනු ලැබේ. මෙය ක්‍රියාත්මක කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව, තො.ස.සේ.නි. ආයතනය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තබනු ඇත. |
ජංගම දුරකථන මගින් ආසන වෙන් කරවා ගැනීම | දැනට ප්‍රධාන මාර්ගය සඳහා පමණක් ඇති මෙම පහසුකම් අනෙකුත් මාර්ග දක්වා ද ව්‍යාප්ත කරනු ඇත | වසර 1 කි. | කොළඹ සහ මහනුවර නගරාන්තර දුම්රිය සඳහා ක්‍රියාත්මක කරන ලද ජංගම දුරකථන මගින් ආසන වෙන් කරවාගැනීමේ පහසුකම අනෙකුත් මාර්ගවලටද ව්‍යාප්ත කරනු ඇත. මේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව මොබිටෙල් ආයතනය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා ඇත. |
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව e-විශ්‍රාම වැටුප් ක්‍රමය |
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ | වසර 2 කි. | ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, e - විශ්‍රාම වැටුප් පද්ධතිය හා සම්බන්ධ කිරීමට නියාමක ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. මෙමගින් දුම්රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමිකයන්ට සිය විශ්‍රාම වැටුප් ප්රතිලාභ ලබා ගැනීමේදී ඇතිවූ ප්‍රමාදයන් අවම කර ඇත. |
දුම්රිය ගමන් නිරීක්ෂණය සහ තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීම. | සමස්ත දුම්රිය පද්ධතිය සඳහා GPS/GSM පාදක දුම්රිය ගමන් නිරීක්ෂණය සහ තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීම. | වසර 2 කි. | මෙම පද්ධතිය මරදාන දුම්රිය පාලක මධ්‍යස්ථානයේ ස්ථාපිත කරනු ඇති අතර GPS/GSM වේගමාපක ඒකක දුමිරිය වල සවි කරනු ඇත. නිශ්චිත දුම්රිය මෙහෙයුම් තොරතුරු මහජනයාට ලබා දෙමින් දුම්රිය පාලන කාර්යය මෙම පද්ධතිය මගින් ඉහළ නංවනු ඇත. තො.ස.කානි. ආයතනයේ සහාය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ඇත. |
අවසන් යාවත්කාලීන කිරීම 2016 අගෝස්තු 31 වෙනි බදාදා, 04:27