Srilanka Government

මගී සේවය

මගී සේවය

නගරාන්තර හා අනෙකුත් සීඝ්‍රගාමී දුම්රිය (වෙන් කිරීම් පිටුවට සබැඳුම)

නගරාන්තර (ICE) දුම්රිය, කොළඹ - මහනුවර, කොළඹ - වවුනියාව හා කොළඹ - මඩකලපුව වැනි ප්‍රධාන නගර අතර සීඝ්‍රගාමී සේවය සපයන අතර එම දුම්රිය වෙන් නොකරන ලද තුන්වැනි පන්තිය, වෙන් කරන ලද දෙවැනි පන්තිය සහ නැරඹුම් මැදිරි ආසන වලින් සමන්විත වේ.
සීඝ්‍රගාමී මගී දුම්රිය කොළඹ හා අනෙකුත් ප්‍රධාන දුරබැහැර නගර අතර අර්ධ සීඝ්‍රගාමී සේවය සපයයි. එම දුම්රිය වෙන් නොකරන ලද දෙවැනි හා තුන්වැනි පන්තියේ ආසන, වෙන් කරන ලද දෙවැනි හා තුන්වැනි පන්තියේ ආසන, වෙන් කරන ලද පළමුවැනි පන්තියේ නැරඹුම් මැදිරිය සහ වෙන් කරන ලද පළමුවැනි පන්තියේ නිදන මැදිරි වලින් සමන්විත වේ. වෙන්  කරන ලද පළමුවැනි පන්තියේ වායු සමනය කරන ලද මැදිරි සේවය සැපයෙන්නේ මාර්ග කිහිපයක පමණි.

වෙන් කර ගැනීමේ පහසුකම් සැපයෙන දුම්රිය

දුම්රිය වර්ගය

දුම්රිය අංකය

ගමන් වාරය

ලබාගත හැකි ආසන පන්ති

නගරාන්තර - දිනපතා

1 සහ 2

කොළඹ - වවුනියාව

පළමුවැනි පන්තිය සහ දෙවැනි පන්තිය

නගරාන්තර - දිනපතා

3 සහ 4

කොළඹ  - වවුනියාව

දෙවැනි පන්තිය

නගරාන්තර - දිනපතා

9 සහ 10

කොළඹ - මහනුවර

පළමුවැනි පන්තිය (නැරඹුම් මැදිරිය) සහ දෙවැනි පන්තිය

නගරාන්තර - දිනපතා

11 සහ 12

කොළඹ - මඩකලපුව

පළමුවැනි පන්තිය (නැරඹුම් මැදිරිය) සහ දෙවැනි පන්තිය

නගරාන්තර - දිනපතා

29 සහ 30

කොළඹ - මහනුවර

පළමුවැනි පන්තිය (නැරඹුම් මැදිරිය) සහ දෙවැනි පන්තිය

නගරාන්තර - සතිඅන්ත

7 සහ 8

කොළඹ - නානුඔය

පළමුවැනි පන්තිය (නැරඹුම් මැදිරිය) සහ දෙවැනි පන්තිය

සීඝ්‍රගාමී - දිවාකාලීන දුම්රිය

5 සහ 6

කොළඹ - බදුල්ල

පළමුවැනි පන්තිය (නැරඹුම් මැදිරිය)

සීඝ්‍රගාමී - දිවාකාලීන දුම්රිය

15 සහ 16

කොළඹ - බදුල්ල

පළමුවැනි පන්තිය (නැරඹුම් මැදිරිය)

සීඝ්‍රගාමී - රාත්‍රී දුම්රිය

45 සහ 46

කොළඹ - බදුල්ල

පළමුවැනි පන්තිය (නිදන මැදිරි) දෙවැනි හා තුන්වැනි පන්තියේ නිදන ආසන

අර්ධ සීඝ්‍රගාමී - රාත්‍රී දුම්රිය

79 සහ  80

කොළඹ - මඩකලපුව

පළමුවැනි පන්තිය (නිදන මැදිරි) දෙවැනි හා තුන්වැනි පන්තියේ නිදන ආසන

අර්ධ සීඝ්‍රගාමී - රාත්‍රී දුම්රිය

83 සහ 84

කොළඹ - ත්‍රිකුණාමලය

පළමුවැනි පන්තිය (නිදන මැදිරි) දෙවැනි හා තුන්වැනි පන්තියේ නිදන ආසන

අර්ධ සීඝ්‍රගාමී - රාත්‍රී දුම්රිය

89 සහ 90

කොළඹ - වවුනියාව

පළමුවැනි පන්තිය (නිදන මැදිරි) දෙවැනි හා තුන්වැනි පන්තියේ නිදන ආසන

 

වෙන් කර ගැනීමේ ක්‍රම -   ශ්‍රී ලංකා දුම්රිය සේවය පහත සඳහන් වෙන් කිරීමේ ක්‍රම සපයයි.
1.       දුම්රිය ස්ථාන වෙත පැමිණ වෙන් කිරීම -  “සංචාරය යෙදෙන දිනට” දින 30 කට පෙර වෙන් කිරීම් සිදු කළ හැක


කොළඹ - කොටුව වෙන් කිරීමේ කාර්යාලය

දුරකථන අංකය

සංචාරය යෙදෙන දිනට දින 30ට පෙර සිට - සතියේ දිනවල විවෘතව පවතින වේලාවන්

ඇමතිය යුතු නිලධාරියා

කොළඹ කොටුව වෙන් කිරීමේ කාර්යාලය

011-2432908

06.00 සිට 12.00
සහ
12.30 සිට 14.00

දුම්රිය ස්ථානාධිපති - වෙන් කිරීමේ කාර්යාලය

මහනුවර

081-2222271

08.00 සිට 16.00

දුම්රිය ස්ථානාධිපති

බදුල්ල

055-2222271

08.00 සිට 16.00

දුම්රිය ස්ථානාධිපති

අනුරාධපුර

025-2222271

08.00 සිට 16.00

දුම්රිය ස්ථානාධිපති

වවුනියාව

024-2222271

08.00 සිට  16.00

දුම්රිය ස්ථානාධිපති

2.       මොබිටෙල් ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීම -  කොළඹ මහනුවර නගරාන්තර දුම්රිය සඳහා පමණි.
සංචාරය යෙදෙන දිනයට දින 30 කට පෙර සිට වෙන්කිරීම් කළ හැකිය.
අනුගමනය කළ යුතු පියවර -
1.       ඔබේ මොබිටෙල් දුරකථනයෙන් 365 අමතන්න.
2.       මොබිටෙල් ඇමතුම් මධ්‍යස්ථානයේ ක්‍රියාකරු පිළිතුරු දෙනු ඇත.
3.       ඔබගේ අවශ්‍යතාව පවසා ආසනය වෙන් කර ගන්න.
4.       කෙටි පණිවිඩයක් මගින් ඔබට යොමු අංකයක් ලැබෙනු ඇත.
5.       මෙම යොමු අංකය දුම්රිය ස්ථානාධිපතිට (කොළඹ කොටුව, ගම්පහ, පේරාදෙණිය හා මහනුවර දුම්රිය ස්ථානවල) හෝ කවර හෝ මොබිටෙල් බිල්පත් මධ්‍යස්ථානයට පෙන්වන්න. (පවසන්න.)_
6.       එවිට ඔබට දුම්රිය ප්‍රවේශ පත්‍රය (M ප්‍රවේශපත්‍රය) ලැබෙනු ඇත.
7.       ඔබගේ දුම්රිය  ගාස්තුව මොබිටෙල් බිල්පතට එකතු කරනු ලැබේ.

මෙම පහසුකම අනෙකුත් නගරාන්තර දුම්රිය වලටද ව්‍යාප්ත කෙරෙනු ඇත.
වැඩිදුර විස්තර සඳහා

දුරකථන අංකය

ෆැක්ස්

ඊ-මේල්

00-94-11-2320109

0094-11-2432128

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

නගරාසන්න සේවය
කොළඹ මගී ප්‍රවාහන දුම්රිය කොළඹට හා ඉන් පිටතට සංචාරය කරන මගීන්ට මන්දගාමී හා අර්ධ සීඝ්‍රගාමී සේවය සපයයි. මෙම දුම්රිය වල සැපයෙන්නේ තුන්වැනි පන්තියේ වෙන් නොකළ ආසන පමණි. 1919 වෙත කෙටි පණිවිඩයක් එවීමෙන් ගාස්තු පිළිබඳ විස්තර ලබාගත හැකිය. (කෙටි පණිවිඩ ආකෘතියට උදාහරණය - ශ්‍රී.ලං.දු.දෙ. දුම්රිය කොළඹ අනුරාධපුරය)  හෝ වෙනත් ඕනෑම දුම්රිය ස්ථානයක සිට.

අවසන් යාවත්කාලීන කිරීම 2021 අප්‍රේල් 19 වෙනි සදුදා, 07:25