Srilanka Government

කඩුගන්නාව ජාතික දුම්රිය කෞතුකාගාරය

ශ්‍රී ලංකා දුම්රිය සේවය මීට වසර 150 කට ඉහතදී ,එනම් 1864 දෙසැම්බර් මස 27 වන දින මරදාන දුම්රිය ස්ථානයේ සිට අඹේපුස්ස දක්වා සිය ප්‍රථම දුම්රිය ධාවනය කොට වසර 150 ක් සපිරීම අරමුණු කර ගනිමින් පසුගිය 2014 දෙසැම්බර් මස 27 වන දින කඩුගන්නාවේදි ජාතික දුම්රිය කෞතුකාගාරය විවෘත කරන ලදී.

මෙම අවස්ථාව උදෙසා 1864 දෙසැම්බර් මස 27 වන දින එවකට බෙල්ජියමේ ඔටුන්න හිමි කුමරු වන බ්රැදබන්ට් ආධිපාද වරයා රැගෙන ධාවනය වු විශේෂ දුම්රිය සිහිපත් කරමින් ආරාධිත අමුත්තන් රැගත් වයිස්රෝයි විශේෂ දුම්රිය කොළඹ කොටුව සිට කඩුගන්නාව දක්වා ධාවනය වු අතර ඊට අමතරව සමරු මුද්දරයක් හා මුල්දින කවරයක්,සමරු කලාපයක් හා ඩීවීඩී පටයක් ද නිකුත්විය.


ශ්‍රී ලංකා දුම්රිය සේවයට අයත් ඓතිහාසික වටිනාකමකින් යුත් දුම්රිය එන්ජින් මැදිරි විවිධ උපකරණ හා උපාංග රැසක් ප්‍රදර්ශනයට තබා ඇති ජාතික දුම්රිය කෞතුකාගාරය කඩුගන්නාව දුම්රිය ස්ථාන පරීශ්‍රයේදී දැන් මහජනතාව උදෙසා විවෘත කර පවති.

 

 

 

නැරඹුම් ගාස්තු

  • සෑම දිනකම පෙගව 9.00 සිට පගව 16.00 දක්වා විවෘත්තව පවතී.
  • සෑම පොහොය දිනකම වසා ඇත.
  • ප්‍රවේශ පත්‍ර ගාස්තු
  • පාසල් නිල ඇඳුමින් සැරසී එන ළමුන් සඳහා රු10.00
  • පැසල් නිල ඇඳුමින් තොරව පැමිනෙන ළමුන් සදහා රු 20.00
  • වැඩිහිටියන් සඳහා රු 50.00
  • විදේශීය සංචාරකයින් සඳහා රු 500.00
අවසන් යාවත්කාලීන කිරීම 2015 ජූනි 01 වෙනි සදුදා, 04:58
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)