Srilanka Government

2015 මාර්තු 30 සිට කොටුව දුම්රිය ස්ථානයේ නිදහස් Wi-Fi

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිදහස් Wifi ව්‍යාපෘතිය යටතේ  මහා මැතිවරණයට පෙර  පොරොන්දු වූ පරිදි ප්‍රමාණයට වඩා වැඩි කරවයි.

 

 

මෙම අන්තර්ජාල පහසුකම "නිදහස් Wifi"  පුරවැසි අයිතියට පැවරීමේ  වැඩසටහන ශ්‍රී ලංකාවේ සියලු විදුලි සංදේශ ක්‍රියාකරුවන් ගේ සහාය සමග තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් පතුරුවාහරින ලදි.

 

මෙම වැඩසටහනෙහි අරමුණ , විවිධාකාර අරමුණු සඳහා ශ්‍රී  ලාංකීය පුරවැසියන්ට නිදහස් අන්තර්ජාල   පහසුකම් සැලසීමයි. තවද රජයේ අරමුණ  රජයේ ප්‍රතිපත්ති සැකසීමට නිරතවීමට තම පුරවැසියන් සක්‍රීය කිරීම සහ, යහපාලනය සඳහා දායක කර ගැනීමයි. පුරවැසියන් හට, රට පුරා විශේෂ ස්ථාන කිහිපයක දී "නොමිලේ Wi-Fi" ලබා දීමට කටයුතු කරනු ලැබේ. ඉතිරි  ස්ථාන 750  ඉදිරි දින 60 ත් 90 ත් ඇතුළත අවසන් කිරීමට නියමිත අතර පළමු ස්ථාන 250 ක්, 2015 මාර්තු මස 31 වැනි දිනට පෙර දියත් කරනු ඇත.


 

අද දින  (30-03-2015) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  විසින් නොමිලේ Wi FI පහසුකම්  කොටුව දුම්රිය ස්ථානයේ දී ipad  මගින් සක්‍රිය කරන ලදි. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා, අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ තොරතුරු හා  සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සභාපති චිත්‍රාංගනී මුබාරක් ද මේ අවස්ථාවට සහභාගී වන ලදි.

අවසන් යාවත්කාලීන කිරීම 2016 අගෝස්තු 31 වෙනි බදාදා, 09:46
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)