Srilanka Government

රත්මලාන ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයට ආධුනිකයින් ඇතුළත් කරගැනිම -2016 වර්ෂය

රත්මලාන ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයට 2016 වර්ෂය සඳහා ආධුනිකයින් /ආධුනිකාවන් ඇතුළත් කරගැනීම පිණිස මෙහි දෙවන ඡේදයේ සඳහන් අවම සුදුසුකම් ඇති ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයඳුම්පත් කැඳවනු ලැබේ.
01.    අවම සුදුසුකම්:-(අ) වයස:- 2016.05.31 දිනට අවුරුදු 16ත් 25 ත් අතර විය යුතුය.
(ආ) අධ්‍යාපන සුදුසුකම්:- සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව, ගණිතය සහ තවත් විෂයන් දෙකකට සම්මාන සාමාර්ථයන් සහිතව එක් වරක දී විෂයන් 06කින් අ.පො.ස.(සා.පෙළ) විභාගය සමත් වීම, විද්‍යා/ ගණිත විෂය ධාරාවෙන් අ.පො.ස.(උ.පෙළ)විභාගය            එක් වරකදී සාමාන්‍ය ඉංග්‍රීසි හැර අනෙකුත් වීෂයන් 03ක් සමත් වීම.
02.    පුහුණු පාඨමාලා: (සිංහලමාධ්‍යෙයන් පමණක් පැවැත්වේ.)
i.   ඩීසල් එන්ජින් යාන්ත්‍රික ශිල්පී අවුරුදු 02 ½(NVQ 4. පාඨමාලාව පසුව NVQ 6 දක්වා උසස් කෙරේ)
ii.  පෑස්සුම් ශිල්පී අවුරුදු 03 (NVQ 4. පාඨමාලාව පසුව NVQ 6 දක්වා උසස් කෙරේ)
iii. විදුලි ශිල්පී (බල) අවුරුදු 03 ½(NVQ 4. පාඨමාලාව පසුව NVQ 6 දක්වා උසස් කෙරේ)
iv. යාන්ත්‍රික  ශිල්පී (සාමාන්‍ය ) අවුරුදු 03 ½(NVQ 4. පාඨමාලාව පසුව NVQ 6 දක්වා උසස් කෙරේ)
03.    අයඳුම්පත්:-අයඳුම්කරුවන් විසින් මේ සමඟ ඇති ආකෘති පත්‍රය අනූව (A-4) සුදු කඩදාසියක පිළියෙළ කරගත් අයඳුම්පත්වල සම්පූර්ණ විස්තර නිවැරදිව සඳහන් කළ යුතුය. අවශ්‍ය සම්පූර්ණ තොරතුරු සඳහන් නොවන අයඳුම්පත් ප්‍රතික්ෂේප කරනු     ලැබේ.
04.    පාඨමාලා සඳහා තෝරා ගැනීම
(1)    ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ මඟින් සිදුකරන අතර, අවශ්‍ය අවම සුදුසුකම් ඇති හා 07 වන ඡේදයේ සඳහන් විභාග ගාස්තු ගෙවා ඇති අයඳුම්කරුවන් පමණක් ලිඛිත පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ.
(2)     ලිඛිත පරීක්ෂණය ගණිතය, මූලික කාර්මික දැනුම හා සාමාන්‍ය දැනීම පදනම් කරගෙන පැවැත්වේ. ලිඛිත පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලැබූ අයඳුම්කරුවන් ඒ ඒ පාඨමාලා පදනම යටතේ ප්‍රායෝගික/ සම්මුඛ පරීක්ෂණයකට කැඳවනු ලැබේ.
(3)     ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණවලදී වැඩිම මුළු ලකුණු ලබාගන්නා අයඳුම්කරුවන් ඒ ඒ පාඨමාලා සඳහා තෝරා ගනු ලැබේ.
05.    විභාග මාධ්‍ය හා විභාග ගාස්තු:-විභාග මාධ්‍යයන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි වේ.
මෙම විභාගය සඳහා ආපසු නො‍ගෙවනු ලබන රු.500/- විභාග ගාස්තුවක් අයකෙරේ.එම ගාස්තුව මරදාන තැපැල් කාර්යාලයෙන් ලබාගැනීමට හැකි වන පරිදි දුම්රිය සාමාන්‍යාධිකාරී නමට ලියු මුදල් ඇණවුමකින් එවිය යුතුය. එසේ ලබා ගත් මුදල්     ඇණවුම අයඳුම්කරුවන් විසින් එවනු ලබන ඉල්ලුම්පත්‍රයට අමුණා එවිය යුතුය. මුදල් ඇණවුම අමුණා නොඑවන අයඳුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඇතුළත් වීමේ විභාගයට පෙනී නොසිටීම නිසා හෝ වෙනත් කිසිම හේතුවක් නිසා විභාග ගාස්තු ආපසු     නොගෙවන බව සැළකිය යුතුය. සියලුම අවශ්‍යතා සම්පූර්ණ කරන අයඳුම්කරුවන් සඳහා ලිඛිත පරීක්ෂණයක් කොළඹ විභාග මධ්‍යස්ථානයකදී පමණක් පැවැත්වේ.
06.    ගිවිසුම අත්සන් කිරීම:- ආයතනයේ පුහුණුවට තෝරා ගනු ලබන සියලුම අයඳුම්කරුවන් වෘත්තියට අදාළ කාල සීමාවන් තුළ පුහුණුව සාර්ථකව හදාරන බවට ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සමඟ ගිවිසුමකට අත්සන් තැබිය     යුතුය. ‍මෙම පුහුණුලාභීන්ට  රැකියා ලබා දීමට දෙපාර්තමේන්තුව බැඳී නැත.
07.    පහත දැක්වෙන ආදර්ශ අයඳුම්පත් පෝරමය අනූව අයඳුම්පත් පිළියෙළ කර “ අධ්‍යක්ෂ ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථාන, කල්දේමුල්ල පාර, රත්මලාන‍.” වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.ඉල්ලුම් පත්‍රය බහාලන කවරයේ     වම්පස උඩ කෙළවරේ “ ශ්‍රී ලං.ඡ.දු.කා.අ.ආ./ 2016” යනුවෙන් සඳහන් කළ යුතුය.අයඳුම්පත්  2016.09.15 වැනි දින තෙක් භාරගනු ලබන අතර, ප්‍රමාද වි ලැබෙන අයඳුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

බී.ඒ.පී. ආරියරත්න

දුම්රිය සාමාන්‍යාධිකාරී

2016.........................මස ..... දින                          
දුම්රිය සාමාන්‍යාධිකාරි කාර්යාලය    
ශ්‍රී ලංකා දුම්රිය සේවය
කොළඹ 10

ශ්‍රී  ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයට ආධුනිකයින් බඳවා ගැනීම - 2016
කාර්යාලීය ප්‍රයෝජනය සඳහා

01    නම සම්පූර්ණයෙන් (වාසගම සමඟ) සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ලියන්න.
...........................................................................................................................................................................
...........................................................................................................................................................................
02. ලිපිනය (සිංහලෙන්) .............................................................................................................................................
(ඉංග්‍රීසියෙන්)............................................................................................................................................................
03.දිස්ත්‍රික්කය:- .................................................................
04.උපන්දිනය:-. ................................................................
05.ස්ත්‍රි / පුරුෂ භාවය:-.........................................................
06.දුරකථන අංකය:-.............................................................
07.අධ්‍යාපන සුදුසුකම්:- අ.පො.ස. (සා/පෙළ):-
පළමුවර:-                        විභාග අංකය:-
විෂයය                                                           ශ්‍රේණිය
...............................................                    ................................

...............................................                    .................................
...............................................                    .................................
...............................................                    .................................
දෙවනවර:-                            විභාග අංකය:-

08.අධ්‍යාපන සුදුසුකම්:- අ.පො.ස. (උ/පෙළ):-
පළමුවර:-                                                         දෙවනවර:-
විභාග අංකය:................................                     විභාග අංකය:..................................
විෂයය                     ශ්‍රේණිය                              විෂයය                        ශ්‍රේණිය
........................    ...........................            ........................        ........................

09.    අයඳුම්කරු විභාගයට පෙනී සිටීමට කැමති මාධ්‍ය.:-.........................................................
10.    අයදුම්පත් කැඳවීමේ ගැසට් නිවේදනය අනූව තමා කැමති වෘත්තීන් දෙකක් අනුපිළිවෙළින් සඳහන් කරන්න.
1.............................................        2.............................................
11.    .............................තැපැල් කාර්යාලකට රු.500 ක් ගෙවා ලබා ගන්නා ලද අංක ................................දරණ මුදල් ඇණවුම මෙයට අමුණා ඇත.(මුදල් ඇණවුම නොගැලවෙනසේ මෙයට අමුණන්න).
12.   ඉහත සඳහන් කර ඇති තොරතුරු සත්‍ය බවත් නිවැරදි බවත් මම මෙයින් සහතික කරමි. මෙහි සහතික කරන ලද විස්තරවලින් යමක් අසත්‍ය බව මා තෝරාගැනීමට කලින් පෙනී ගිය හොත් එයින් හා නුසුදුස්සකු

වීමටත් තෝරා   ගැනීමෙන්  පසු  පෙනී ගියහොත් පුහුණුවෙන්  ඉවත් කර දමනු ලැබීමටත් හැකිවන බව දනිමි.

දිනය: ........................................                    අයඳුම්කරුගේ අත්සන: ........................................

Last Updated on Wednesday, 24 August 2016 12:11
 
From
To
Item
Train
Weight (Kg)