Srilanka Government

සෙනෙහසේ තොටුපළක් ලෙස පිදෙන අලිමංකඩ දුම්රිය ස්ථානය

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉටු කරනු ලබන මෙහෙවර වඩාත් අර්ථවත් කරමින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ලෙස ජාතිය ගොඩනැගීමෙහිලා දායකත්වය ලබා දීමේ හැකියාව යථාර්ථවත් කරමින් ශ්‍රී ලාංකීය උතුරු මැද පළාත සහ උතුරු නැගෙනහිර පළාත හැර

අනෙකුත් සියලු පළාත් සම්බන්ධ කර ගනිමින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය කැපවීමෙන් හා සකසුරුවමින් පුංචි රුපියල් දෙකක මුදලක්ද ගුරු භවතුන් විසින් මුදලක් ද පරිත්‍යාග කර මෙම අලිමංකඩ දුම්රිය ස්ථානය ගොඩ නඟා ඇත.

මේ සඳහා වැය කර ඇති මුදල රු 22054499.00 වන අතර රු1647235.00 මුදලක් පාසල්  ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගුරු භවතුන් හා සුභ පතන්නන්ගෙන් ලැබුණු ආධාර මුදලට පොළියද වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම මත සිදුකරන ලද මෙම කාර්යය උතුරේ නෙතාව ප්‍රම්ඛ ශ්‍රී ලංකීය ජනතාවට සෙනෙහසේ තොටුපළක් ලෙස තිළිණ කිරීම 2016.10.28 දින පෙ.ව 11.58 යෙදෙන සුභ මොහොතින් විවෘත්ත කෙරේ.

 

අවසන් යාවත්කාලීන කිරීම 2017 මාර්තු 30 වෙනි බ්‍රහස්පතින්දා, 07:58
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)