Srilanka Government

2017 දුම්රිය අනතුරු අවම කිරීමේ වසරයි

දුම්රිය අනතුරු අවම කිරීම 2017 නව වසරේ සමස්ථ දුම්රිය දෙපාර්තමේන්තු තේමාව බව දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න මහතා විසින් නව වසරේ වැඩ ආරම්භකිරීම වෙනුවෙන් 2017.01.02 දින දුම්රිය මූලස්ථාන පරිශ්‍රෙය් පැවති විශේෂ සමාරම්භක උත්සවයේදී පැවසීය.

ඉකුත් වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව තුළ දුම්රිය අනතුරු විශාල සංඛ්‍යාවක් සිදුවී ඇති බවත් ඒවාට හේතු සාධක ලෙස

  • ජංගම දුරකථන භාවිතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කිරීම.
  • මහා මාර්ගයේ ගමන් ගන්නා මෝටර් රථ රියැදුරන් අපරික්ෂාකාරීව ජංගම දුරකථන භාවිතා කරමින් දුම්රිය හරස් මාර්ගයන් හරහා ගමන් කිරීම නිසා දුම්රිය සමඟ එම වාහන ගැටීමට අවකාශ සැලසීම.
  • දුම්රිය මැදිරි ඇතුළත ගමන් කිරීමට හැකියාව තිබියදී පාපුවරුවේ ගමන් කිරීම(විශේෂයෙන් මහව සිට අනුරාධපුර දක්වා පා පුවරුවේ ගමන් කිරීම නිසා පටු පාලම් වල ගැටීම අනතුරු රැසකට හේතු වී ඇත)
  • දුම්රිය නැවැත්වීමට පෙර දුම්රිය මැදිරි තුළට ප්‍රවිශ්ඨ වීමට හා මැදිරි තුළින් බැසීමට උත්සාහ දැරීම නිසා.
  • දුම්රිය නවත්වා කබා නැවත ගමන් කිරීමේ දී ප්‍රමාද වී පැමිණ දුම්රිය පා පුවරුවේ එල්ලීමට උත්සාහ දැරීම.
  • දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසා තිබියදි ඒ හරහා ගමන් කිරීමට උත්සාහ දැරීම දුම්රිය මැදිරි දෙකක් අතර ඈඳුමේ අපරික්ෂාකාරීව ගමන් කිරීම.
  • සිය දිවි හානි කර ගැනීමට දුම්රිය මාර්ගය භාවිතා කිරීම.

යනාදී කරුණු ප්‍රධාන වශයෙන් මූලික වන බව එතුමා පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම උප දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සෙසු කාර්යය මණ්ඩලය මගින් මෙම තේමාව සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම වර්ෂය පුරාම සක්‍රිය දායකත්වයක් අපේක්ෂා කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී තුමා විසින් පවසන ලදි. මෙමගින් බලාපොරොත්තු වන්නේ වාර්ෂිකව දුම්රිය අනතුරු වලින් දැයට අහිමි වන වටිනා ජීවිත රැසක් ආරක්ෂා කරගැනීමත් එසේ අනතුරු සිදුවීමෙන් ඔවුන්ගේ පවුල් දිළිඳු භාවයට පත්වීම වැලැක්වීමත් සහ රටේ දිළිඳුභාවය තුරන් කිරීම සඳහා දායකත්වය ලබා දීම බවත් එතුමා වැඩි දුරටත් පැවසීය.

අවසන් යාවත්කාලීන කිරීම 2017 පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා, 16:23
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)