Srilanka Government

කොළඹ කොටුව සිට මාතලේ දක්වා නව දුම්රියක්

ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ  නව පරිච්ඡේදයක් පෙරලමින් ප්‍රථම වතාවට කොළඹ කොටුව සිට සෘජු ලෙස මාතලේ දක්වා දුම්රියක් ධාවනය වීම 2017.01.20 වන දින සිට ආරම්භ වේ.

අංක 1025 දරණ දුම්රිය සෑම සිකුරාදා දිනකම කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව 02.20 ට ගමන් ආරම්භ වී ප.ව 07.13 මාතලේ දුම්රිය ස්ථානයට ලඟා වේ. සෑම සෙනසුරාදා දිනකම මාතලේ සිට කොළඹ කොටුව දක්වා අංක 1026 දරණ දුම්රිය මාතලේ දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර පෙ.ව 11.15 කොළඹ කොටුවට ලඟා වේ.

මෙම දුමරියේ අසුන් ගෙන ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 296 කි. කොළඹ කොටුව සිට මහනුවර දක්වා සීඝ්‍ර ගාමී දුම්රියක් ලෙස ධාවනය වන මෙම දුම්රිය මහනුවර සිට මාතලේ දක්වා අධි සීඝ්‍ර ගාමී දුම්රියක් ලෙස ධාවනය වේ.

මෙම දුම්රිය  තුළ ඇති දුම්රිය මැදිරි පිළිබඳ විස්තර පහත දැක්වේ.

පංතිය මැදිරි සංඛ්‍යාව ආසන සංඛ්‍යාව
2 වන පංතිය මගී මැදිරි 1 56
3 වන පංතිය මගී මැදිරි 2 160
3 වන පංතිය තිරිංග මැදිරි 2 80
අවසන් යාවත්කාලීන කිරීම 2017 පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා, 16:15
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)