Srilanka Government

කොළඹ කොටුව - හැටන් අතර ශ්‍රී පාද වන්දනා සමයට විශේෂ දුම්රිය සේවයක්

ශ්‍රී පාද වන්දනා සමය ඉලක්ක කර ගනිමින් කොළඹ කොටුව සිට හැටන් දක්වා සහ හැටන් සිට කොළඹ කොටුව දක්වා ඉදිරි මාස හතර තුළ විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රි ලංකා දුම්රිය

දෙපාර්තමේන්තුව සූදානමින් සිටී. කොළඹ කොටුවෙන් ප.ව 7.30 ට ගමන් ආරම්භ වන දුම්රිය අළුයම 00.56 ට හැටන් දුම්රිය ස්ථානයට ලඟාවීමට නියමිතය. හැටන් දුම්රිය ස්ථානයෙන් පෙ.ව 08.28 ගමන් ආරම්භකරන දුම්රිය ප.ව 02.27 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ලඟා වේ.

අදාල දුම්රිය සේවය පිළිබඳ වැඩි දුරටත් විස්තර පහත පරිදි වේ.

කොළඹ කොටුව - හැටන්

‍මේ මස , 10, 11, 17, 18,  23, 24, 25 යන දිනයන්හි දී

මාර්තු මස 03, 04, 10, 11, 12 ,17, 18, 24, 25 හා 31 යන  දිනයන්හි දී

අප්‍රේල් මස 01, 07, 08, 09, 10, 11, 16, 21, 22, 28, 29 හා 30 යන දිනයන්හි දි

මැයි මස 05, 06, 07, 08, 09 හා 10 යන දිනයන්හි දී

හැටන් - කොළඹ කොටුව

මේ මස 10, 12, 18, 19, 24, 25 සහ 26 යන දිනයන්හිදී

මාර්තු මස 04, 05, 11, 13, 18, 19, 25 සහ 26 යන දිනයන්හිදී

අප්‍රේල් මස 01, 02, 08, 09, 10, 11, 17, 22, 23, 29 සහ 30 යන දිනයන්හිදී

මැයි මස 01, 06, 07, 08, 09, 10 සහ 11 යන දිනයන්හිදී

මෙම දුම්රියෙන් ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් සඳහා හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය මගින් බස් රථ සේවාවක්ද ක්‍රියාත්මක වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2017 පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා, 16:25
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)