Srilanka Government

මහජන බැංකුවේ ස්වයංක්‍රීය බැංකු කරන ඒකක දුම්රිය ස්ථාන 300 ක් වෙත

දිවයින පුරා දුම්රිය ස්ථාන වල මහජන බැංකුවේ ස්වයං බැංකු කරන ඒකක 300 ක් දක්වා ස්ථාපිත කිරීම සඳහා බත්තරමුල්ල සෙත්සිරිපාය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී ගිවිසුම් අත්සන් කෙරුණි.

මෙම ස්වයං බැංකු කරන ඒකක තුලින් දුම්රිය මගීන්ට මුදල් ආපසු ගැනීම්, මුදල් තැම්පත් කිරීම්, සහ බිල් පත් ගෙවීමේ පහසුකම් ඇති ස්වයංක්‍රීය ටෙලර් යන්ත්රට,මුදල් තැම්පතු යන්ත්‍ර සහ බිල්පත් ගෙවීමේ යන්ත්‍ර වල සේවා අත්විඳිය හැකි බව මහජන බැංකුව පෙන්වා දෙයි.


මේ අවස්ථාවට සිවිල් ගුවන් සේවා අමාත්‍යය  නිමල් සිරිපාල ද සිල්වා , අමාත්‍යාං ශ ලේකම් නිහාල් සෝමවීර, අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩාර, මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී එන්.වසන්ත කුමාර් , දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න යන මහත්වරුන් සහභාගී විය.

අවසන් යාවත්කාලීන කිරීම 2017 මාර්තු 03 වෙනි සිකුරාදා, 03:38
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)