Srilanka Government

දුම්රිය ස්ථාන භෝජනාගාර බදුදීම සඳහා ප්‍රසම්පාදන කමිටු ලංසු කැඳවීම

There are no translations available.

ශ්‍රී ලංකා දුම්රිය සේවය

ප්‍රසම්පාදන දැන්වීමයි

දුම්රිය ස්ථාන භෝජනාගාර බදුදීම සඳහා ප්‍රසම්පාදන කමිටු ලංසු කැඳවීමයි.

පහත සදහන් දුම්රිය ස්ථාන භෝජනාගාර වසර දෙකක කාලයකට බදු ලබාදීම සදහා සුදුසුකම් හා පලපුරුද්දක් ලත් ලංසු කරුවන් වෙතින් සභාපති, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු (ප්‍රධාන) විසින් මුද්‍රා තබන ලද ප්‍රසම්පාදන ලංසුපත්  කැදවනු ලැබේ.

භෝජනාගාරය

අවම මාසික ලංසු බදු මුදල රු. (බදු රහිත)

අනු අංකය

භෝජනාගාරය

අවම මාසික ලංසු බදුමුදල රු. (බදු රහිත)

මොරටුව

26600.00

13

බණ්ඩාරවෙල

8000.00

පානදුර

11300.00

14

නුගේගොඩ

7500.00

වාද්දුව

3000.00

15

අවිස්සාවේල්ල

4000.00

දකුණු කළුතර

35200.00

16

ගල්ඔය

25000.00

අළුත්ගම

30000.00

17

පොළොන්නරුව

15500.00

ගාල්ල උඩුමහල

10000.00

18

ත්‍රීකුණාමලය

17000.00

කඩුගන්නාව

13000.00

19

මඩකලපුව - වේදිකා

20000.00

පේරාදෙණිය

10000.00

20

මහව

50000.00

මහනුවර  වේදිකාව

15000.00

21

අනුරාධපුර වේදිකා 3,4

10000.00

මහනුවර උඩුමහල

15000.00

22

මීගමුව

5000.00

තලවාකැලේ

4000.00

23

කොඩිකාමම්

5000.00

නානුඔය

15000.00

24

මැදවච්චිය

5000.00

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අයදුම්පත් ලබාගන්නා ආකාරය

ඉහත භෝජනාගාර සදහා අයදුම්කිරිමට ඔබ අදහස් කරන්නේනම් ආපසු නොගෙවනු ලබන ලංසු පෝරම ගාස්තුවක් ලෙස රු.1000.00 ක් ගෙවා ඉහත දුම්රිය ස්ථානවලින් හෝ දුම්රිය වෙළඳ හා අලෙවි කාර්යාලය වෙතින් අයදුම්පත් ලබාගත හැක.මීට අමතරව ආපසු ගෙවනු ලබන ලංසු බැදුම්කරයක් ලෙස අවම ලංසුව රු.10,000.00 සහ රු.10,000.00ට අඩු සියළු භෝජනාගාර සදහා රු.5,000.00ක මුදලක්ද අවම ලංසුව රු.10,000.00ට වැඩි සියළු භෝජනාගාර සදහා රු.25,000.00කමුදලක්දවෙන වෙනම මුදලින් දුම්රිය මූලස්ථානයේ ප්රතධාන මුල්ය  නිළධාරී වෙත හෝ අදාල දුම්රිය ස්ථානය වෙත ගෙවා  ලබාගන්නා කුවිතාන්සියෙහි මුල් පිටපත සමග මිල දීමනා අයදුම්පත ඉදිරිපත් කල යුතුය. ලංසු බැදුම්කරය මාස 06ක් සදහා වලංගු වේ. අයදුම්පත් 2017.04.19 දින ප.ව.2.00 දක්වා ඉහත දුම්රිය ස්ථාන වෙතින් හෝ දුම්රිය වෙළඳ හා අලෙවි කාර්යාලය වෙතින් ලබාගත හැක.

කොන්දේසි

01ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියළු සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල ආසන්නම සාමාජිකයින්ට අයදුම්පත් ඉදිරිපත් කිරිම සදහා හිමිකමක් නැත.

02.දෙපාර්තමේන්තුවේ පෙර සේවා සැපයිම් වලට අදාල ගනුදෙනු වලදි දෙපාර්තමේන්තුවේ අප්‍රසාදයට ලක්වීම, සේවා පැහැරහැරීම හෝ විශ්වාසය කඩවන ආකාරයෙන් කටයුත්තක නියලුනු පුද්ගලයන්ට හෝ ආයතන වලටද නැවත ඉල්ලුම් කිරිමට හිමිකමක් නැත.

03.ලංසු අයදුම් කිරීමට ප්‍රථම අදාල භෝජනාගාරය පරික්ෂා කිරීම සදහා අයදුම්කරුවන්හට අවස්ථාව ලබාදෙන අතර ඒ සදහා දුම්රිය දෙපාර්තමේන්තු අවසරය ලබාගත යුතුවේ.

ලංසු අයදුම්පත් ඉදිරිපත් කිරීම

ඉහත සඳහන් ආකාරයට භෝජනාගාර සඳහා ලබාගන්නා ලද අයඳුම්පත්‍ර  නිසිපරිදි සම්පූර්ණ කර මුල්පිටපත හා අනුපිටපත ලෙස සදහන් කර ලිපි කවර දෙකක බහා එම ලිපි කවර 02 නැවත වෙනත් ලිපි කවරයක බහා එම බහා එවන ලිපි කවරයේ වම්පස ඉහල “..............දුම්රිය ස්ථාන භෝජනාගාරය බදු ලබාගැනීම සදහා වන ටෙන්ඩරය”ලෙස සඳහන් කර එම ලිපි කවරය මුද්රා  තබා 2017.04.20 දින ප.ව.2.00ට පෙර ලැබෙන සේ පහත දක්වා ඇති ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ දුම්රිය මූලස්ථානයේ කළමණාකරු (වෙළඳ හා අලෙවි) නිල කාමරයෙහි ලංසුපත් බහාලීම සදහා සකසා ඇති විශේෂ ටෙන්ඩර් පෙට්ටියට බහාලිය යුතුය. එම වේලාවෙන් පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

 

ලංසු භාරගැනීම සහ විවෘත කිරීම

2017.04.20 දින ප.ව.2.00ට ඉහත දක්වා ඇති කළමණාකරු (වෙළඳ හා අලෙවි) නිල කාමරයේ අයදුම්පත් විවෘත කරනු ලබන අතර එම අවස්ථාවට අයදුම්කරුට හෝ ඔහුගේ බලයලත් එක් නියෝජිතයෙකුට හෝ පෙනීසිටීමට ඉඩදෙනු ලැබේ.

දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ තිරණය අවසාන තිරණය වේ.අවශ්‍ය වැඩි විස්තර සදහා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ දුම්රිය වෙළද හා අලෙවි කාර්යාලය වෙතින් විමසන්න.

 

දුරකථන අංක :-011-2421281 – (දිගු අංකය -403)       ෆැක්ස් :- 011-2431909

 

කළමණාකරු (වෙළද හා අලෙවි)

වෙළද හා අලෙවි අංශය,දුම්රිය මූලස්ථානය,කොළඹ 10.

 

 



 
முதல்
வரை
பொருள்
ரயில்
நிறை (கி.கி)