Srilanka Government

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ මරදාන දුම්රියස්ථානයේ5/6 වේදිකාවේ සහ ප්‍රවේශ පත්‍ර කවුළුව අසල පිහිටි භෝජනාගාර ඒකක වසර 02 කට බදුදීම සඳහා ප්‍රසම්පාදන කමිටු ලංසු කැඳවීමයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉහත සදහන් දුම්රිය ස්ථාන භෝඡනාගාර ඒකක වසර දෙකක කාලයකට බදු ලබාදිම සදහා සුදුසුකම් හා පලපුරුද්දක් ලත් ලංසු කරුවන් වෙතින් සභාපති, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව (ප්‍රධාන) විසින් මුද්‍රා තබන ලද ප්‍රසම්පාදන ලංසුපත්  කැඳවනු ලැබේ.

අයදුම්පත් ලබාගන්නා ආකාරය

ඉහත භෝඡනාගාරය සදහා අයදුම්කිරීමට ඔබ අදහස් කරන්නේ නම් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ප්‍රධාන මූල්‍ය නිළධාරී වෙත ආපසු නොගෙවනු ලබන ලංසු පෝරමගාස්තුවක් ලෙස රු.2,500.00ක් ගෙවා ලබාගත් කුවිතාන්සිය දුම්රිය මුලස්ථාන කළමණාකරු -වෙළඳ හා අලෙවි වෙත ඉදිරිපත්කර අයදුම්පත් ලබාගත හැක.මීට අමතරව ආපසු ගෙවනු ලබන ලංසු බැදුම්කරයක් ලෙස රු.100,000.00ක මුදලක්ද  ප්‍රධාන මුල්‍ය නිළධාරී වෙත ගෙවා ලබාගන්නා කුවිතාන්සියෙහි මුල් පිටපත සමග මිල දිමනා අයදුම්පත ඉදිරිපත් කල යුතුය. ලංසු බැදුම්කරය මාස 06ක් සදහා වලංගු වේ. අයදුම්පත්2017.07.24දින ප.ව.2.00 දක්වා  වෙළද හා අලෙවි කාර්යාලය වෙතින් ලබාගත හැක.

කොන්දේසි

01ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල ආසන්නම සාමාඡිකයින්ට අයදුම්පත් ඉදිරිපත් කිරිම සදහා හිමිකමක් නැත.

02.දෙපාර්තමේන්තුවේ පෙර සේවා සැපයිම් වලට අදාල ගනුදෙනු වලදි දෙපාර්තමේන්තුවේ අප්‍රදයට ලක්විම, සේවා පැහැරහැරීම හෝ විශ්වාසය කඩවන ආකාරයෙන් කටයුත්තක නියැලුනු පුද්ගලයන්ට හෝ ආයතන වලටද නැවත ඉල්ලුම් කිරිමට හිමිකමක් නැත.

03.ලංසු අයදුම් කිරිමට ප්‍රථම අදාල භෝඡනාගාරය පරික්ෂා කිරීම සදහා අයදුම්කරුවන්හට අවස්ථාව ලබාදෙන අතර ඒ සදහා දුම්රිය දෙපාර්තමේන්තු අවසරය ලබාගත යුතුවේ.

ලංසු අයදුම්පත් ඉදිරිපත් කිරිම

ඉහත සදහන් ආකාරයට භෝඡනාගාර සදහා ලබාගන්නා ලද අයදුම්පත්රෙ නිසිපරිදි සම්පුර්ණ කර මුල්පිටපත හා අනු පිටපත ලෙස සඳහන් කර එම ලිපි කවර 02 නැවත වෙනත් කවරයක බහා එම බහා එවන ලද ලිපි කවරයේ වම්පස ඉහල “ මරදාන දුම්රිය ස්ථාන භෝඡනාගාරය බදු ලබා ගැනීම සදහා වන ටෙන්ඩරය” ලෙස සඳහන් කර එම ලිපි කවරය මුද්‍රා තබා 2017.07.25 දින ප.ව.2.00ට පෙර ලැබෙන සේ පහත දක්වා ඇති ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිමට හෝ දුම්රියකළමණාකරු - වෙළඳ හා අලෙවි නිල කාමරයෙහි ලංසුපත් බහාලීම සදහා සකසා ඇති විශේෂ ටෙන්ඩර් පෙට්ටියට බහාලිය යුතුය.නියමිත වේලාවෙන් පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

 

ලංසු භාරගැනීම සහ විවෘත කිරීම

2017.07.25 දින ප.ව.2.00ට ඉහත දක්වා ඇති  කළමණාකරු- වෙළඳ හා අලෙවි නිල කාමරයේ අයදුම්පත් විවෘත කරනු ලබන අතර එම අවස්ථාවට අයදුම්කරුට හෝ ඔහුගේ බලයත් එක් නියෝඡිතයෙකුට හෝ පෙනී සිටිමට ඉඩදෙනු ලැබේ.

දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අවසාන තීරණය වේ.අවශ්‍ය වැඩි විස්තර සදහා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ කළමණාකරු-වෙළඳ හා අලෙවි කාර්යාලය වෙතින් විමසන්න.

දුරකතන අංක :-011-2431909/011-2421281-දිගු අංකය 8235ෆැක්ස්  අංක :-011-2431909

සභාපති,

දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව,

වෙළද හා අලෙවි අංශය, දුම්රිය මූලස්ථානය

කොළඔ 10

අවසන් යාවත්කාලීන කිරීම 2017 ජූලි 11 වෙනි අඟහරුවාදා, 09:17
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)