Srilanka Government

පාසල් නිවාඩු සමය සඳහා විශේෂ දුම්රිය සේවාව

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා

පාසල් නිවාඩු සමයේ ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා අධික මගී ඝනත්වයක් ඇති බැවින් මගීන්ගේ ගමන් පහසුව සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී ආරියරත්න මහතා විසින් 2017.08.09 වන දින සිට 2017.09.09 දින දක්වා සාමාන්‍ය දුම්රිය වලට අමතරව විශේෂ දුම්රියක් ධාවනය කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

එම විශේෂ දුම්රියන් පිළිබඳ විස්තර පහත පරිදි වේ.

කොළඹ කොටුව  - බදුල්ල

2017 අගෝස්තු 09/11//13/15/17/19/21/23/25/27/29/31 යන දිනයන්හිදී සහ

2017 සැප්තැම්බර් 02/04/06/08 යන දිනයන්හිදී

කොළඹ කොටුවෙන් පිටත් විම - පෙ.ව 07.03

බදුල්ලට ලඟා වීම - ප.ව 05.29

බදුල්ල - කොළඹ කොටුව

2017 අගෝස්තු 10/12/14/16/18/20/22/24/26/28/30 යන දිනයන් හිදී සහ

20017 සැප්තැම්බර් 01/03/05/07/09 යන දිනයන් හිදී

බදුල්ලෙන් පිටත් වීම - පෙ.ව 07.15

කොළඹ කොටුවට ලඟා වීම - ප.ව 06.12

අවසන් යාවත්කාලීන කිරීම 2017 අගෝස්තු 10 වෙනි බ්‍රහස්පතින්දා, 03:35
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)