Srilanka Government

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ දුම්රියස්ථානවල පිහිටි ස්ථාවරභෝජනාගාර බදුදීම සඳහා ප්‍රසම්පාදන කමිටු ලංසු කැඳවීමයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් පහත සදහන් භෝජනාගාර වසර දෙකක කාලයකට ආහාරපාන අලෙවිකිරීමේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා පහත දක්වා ඇති සුදුසුකම් හා පලපුරුද්දක් ලත්  ලංසු කරුවන් වෙතින්  මුද්‍රා තබන ලද ප්‍රසම්පාදන ලංසුපත් කැඳවනු ලැබේ.
1.පානදුර                   2.වාද්දුව                           3.ගාල්ල උඩු මහල                    4.කඩුගන්නාව                                     
5.තලවාකැලේ            6.බණ්ඩාරවෙල                   7. මීගමුව                               8.පොළොන්නරුව          
9.ත්‍රිකුණාමලය            10.මඩකලපුව -වේදිකා          11.වේයන්ගොඩ                       12.කොඩිකාමම්       
13.මැදවච්චිය             14.වව්නියාව                      15. යාපනය

ඉහත සදහන් භෝජනාගාර පිළිබද විස්තර ප්‍රසම්පාදන ලියවිලි යටතේ උපලේඛණ 01 හි දක්වා ඇත.

01.සුදුසුකම්
අදාල ක්ෂේත්‍රයට අදාලව ව්‍යාපාරයක් ලෙස වලංගු ලියාපදිංචියක් සහ වසර 01 ක පලපුරුද්දක් ලබා තිබිය යුතුය.

02.ලංසු අයදුම්පත්‍ර ලබාගැනීම
ප්‍රසම්පාදන ලියවිලි 2018 මැයි මස 21 වන දින ප.ව.2.00 දක්වා දුම්රිය වෙළද හා අලෙවි කාර්යාලයෙන් හෝ භෝජනාගාරය පිහිටි දුම්රිය ස්ථානයෙන් ලබා ගත හැක.ඒ සදහා කොළඹ 10 ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ප්‍රධාන මුල්‍ය නිලධාරි වෙත හෝ අදාල භෝජනාගාරය පිහිටි  දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති වෙත ආපසු ගෙවනු නොලබන ලංසු  පෝරම ගාස්තුව ලෙස රු.1000/-  ක මුදලක් ගෙවා ලබා ගන්නාලද ලදුපත  දුම්රිය මුලස්ථානයේ වෙළද හා අලෙවිකළමණාකරු වෙත හෝ අදාල දුම්රිය ස්ථානයන් වෙත හෝ ඉදිරිපත් කළ යුතුය. උපලේඛණ 01 හි සඳහන් සියළු භෝජනාගාර වෙනවෙනම සළකා ලංසු ඉදිරිපත්කළ යුතු අතර ලංසු පෝරම ගාස්තුවට අමතරව එම ලේඛණයේ දක්වා ඇති පරිදි  ආපසු ගෙවනු ලබන ලංසු බැදුම්කරයක්ද ගෙවිය යුතුය.

03. ලංසු අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම
ඉහත 02 ජේදයේ සදහන් ආකාරයට එක් එක් භෝජනාගාරය වෙනුවෙන් ලබාගන්නා ලද අයදුම්පත්‍ර මුල් පිටපත හා අනු පිටපත නිසිපරිදි සම්පූර්ණ කර කවර  දෙකක බහා මුද්‍රා තැබිය යුතුය. එම කවරවල මුල් පිටපත හා අනුපිටපත ලෙස පැහැදිලිව සදහන්කළ යුතුය. එම කවර දෙක තනිකවරයක බහා වම් පස ඉහල කෙළවරේ භෝජනාගාරයේ ලංසු අංකය හා භෝජනාගාරයේ නම සදහන් කර “දුම්රිය ස්ථාන භෝජනාගාර ‍සඳහා ටෙන්ඩර් පත” යනුවෙන් සඳහන් කොට, එම ලිපි කවරය මුද්‍ර තබා 2018 මැයි මස 22 වන දින ප.ව 02.00 පෙර ලැබෙන සේ සභාපති, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව,වෙළද හා අලෙවි කාර්යාලය,දුම්රිය මූලස්ථානය,ඔල්කට් මාවත,කොළඹ 10. ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් එවීමට හෝ දුම්රිය මූලස්ථාන වෙළද හා අලෙවි කළමණාකරුගේ නිල කාමරයෙහි ටෙන්ඩර්පත් බහාලීම සදහා සකසා ඇති විශේෂ ටෙන්ඩර් පෙට්ටියේ බහාලීමට හෝ කටයුතු කළ යුතුය.එම වේලාවෙන් පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

04. ලංසු භාරගැනීම හා විවෘත කිරීම
2018 මැයි මස 22 වන දින ප.ව.2.00 ට  ඉහත 03 ජේදයේ දක්වා ඇති පරිදි වෙළද හා  අලෙවි  කාර්යාලයේදී අයදුම්පත් විවෘත කරනු ලබන අතර, එම අවස්ථාවට  අයදුම්කරුට හෝ ඔහුගේ බලයලත් එක් නියෝජිතයෙකුට හෝ සහභාගී වීමට ඉඩදෙනු ලැබේ.

05.ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු සේවකයන්ට හා ඔවුන්ගේ පවුල්වල ආසන්නම සාමාජිකයන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීම සදහා හිමිකමක් නැත.
06. ලංසු අයදුම්  කිරීමට ප්‍රථම ඉහත සඳහන් සියළු භෝජනාගාර පරික්ෂා කිරීම සඳහා  අයදුම්කරුවන් හට අවස්ථාව ලබා දෙන අතර ඒ සඳහා දුම්රිය මුලස්ථාන වෙළද හා අලෙවි කාර්යාලය මගින් අවසර ලබාගතයුතු වේ.

07.  දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අවසාන තීරණය වේ.

08.  ලංසුකරුවන්ට අවශ්‍ය වැඩි විස්තර අවශ්‍ය නම් දුරකතන අංක :-011-2421281 – (දිගු අංකය -8235)  *eක්ස් :- 011-2431909 හරහා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වෙළද හා අලෙවි කාර්යාලය වෙතින් ලබාගත හැක.

සභාපති,
දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව,
වෙළද හා අලෙවි කාර්යාලය,
දුම්රිය මූලස්ථානය,ඔල්කට් මාවත,කොළඹ 10.

අවසන් යාවත්කාලීන කිරීම 2018 මැයි 04 වෙනි සිකුරාදා, 06:28
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)