Srilanka Government

Invitation for Bids for storing goods at Colombo Good Shed of Sri Lanka Railways

There are no translations available.

 

ශ්‍රි ලංකා දුම්රිය සේවය

ප්‍රසම්පාදන දැන්විම.

කොළඹ10, ඕල්කට් මාවත, කොළඹ බඩු ගබඩා සංකිර්ණයේ පහත ගබඩා ගොඩනැගිලි භාණ්ඩ ගබඩා කිරීම සඳහා වසර 02 කට බදු පදනම මත ලබා දීම සඳහා

මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ.

 

අනු අංකය

ගබඩා අංකය

ප්‍රමාණය (..)

1

C1-A3

796

2

C1-B1

2160

3

C1-B2

1080

4

C1-B3

700

5

C1-C1

700

6

C1-C2

1120

7

C1-D

3870

8

C1-E

2448

9

C1-F

3744

10

C1-G

1872

11

C2-A

640

12

C2-B

2528

13

C2-D

3840

14

C2-E

5792

15

C2-F1

6500

16

C2-F2 / C2-F3

3400

17

C2-F4

11864

 

ලංසු ලේඛණ 2018.07.25 දින .. 02.00 දක්වා නිකුත් කරන අතර, ආපසු නොගෙවන රු. 500/= ක මුදලක් සතියේ දිනවල පැය 09.00 - 15.00 දක්වා දුම්රිය මූලස්ථානයේ, ප්‍රධාන මූල්‍ය නිලධාරී වෙත ගෙවා ලබා ගන්නා කුවිතාන්සිය වෙළඳ හා අළෙවි අංශය වෙත ඉදිරි පත් කිරීමෙන් ලංසු අයදුම් පත් ලබා ගත හැකි අතර, ලබා ගන්නා අයදුම්පත් වල පමණක් ලංසු ඉදිරිපත් කළ යුතු අතර, එක් අයකු ගබඩා කිහිපයක් ඉල්ලුම් කරන්නේ නම්, ඒ සදහා වෙන් වෙන්ව අයදුම් කල යුතුය. සපයා ඇති කොන්දේසි හා උපදෙස් වලට අනුකූලව ලංසු ඉදිරිපත් කල යුතු අතර, සම්පූර්ණ කරන ලද ලංසු අයදුම්පත් 2018.07.26 දින ප.. 2.00 ට පෙර ලැබෙන සේ පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ පහත ලිපිනයෙහි තබා ඇති, ටෙන්ඩර් පෙට්ටියේ බහා ලීමට හෝ කටයුතු කල යුතුය.

2018.07.26 දින ප.. 2.00 ට ලංසු ඉල්ලුම්පත් භාර ගැනීම අවසන් කරන අතර, එදිනම .. 02.00 ට ලංසු විවෘත කරනු ලැබේ. ප්‍රමාදවී ලැබෙන ලංසු අයදුම්පත් සලකා නොබලන අතර, එම අවස්ථාවට අයදුම්කරුට හෝ ඔහුගේ එක් නියෝජිතයකුට පමණක් සහභාගි විය හැක. ටෙන්ඩර් ප්‍රධානයේ අවසන් තීරණය සම්පාදන මණ්ඩලය සතු වේ.

ගබඩා ගොඩනැගිලි, සතියේ දින පැය 09.00 – 16.00 දක්වා කාලය තුල දුම්රිය සේවයේ බඩු ගබඩා නියෝජිත - කොළඹ, හමු වී පරික්ෂා කිරීමට හැකියාව ඇත.

සභාපති ,

දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව,

වෙළඳ හා අලෙවි අංශය,

දුම්රිය මූලස්ථානය,

කොළඹ 10.

දුරකථන අංකය. – 0112431909

ඉහත සඳහන් බඩු ගබඩාවලට අදාල විස්තර ප්‍රසම්පාදන ලියවිලි යටතේ උප ලේඛණ 01 හි දක්වා ඇත.

1. ලංසු අයදුම්පත් ලබා ගැනීම.

ප්‍රසම්පාදන ලියවිලි 2018 ජූලි මස 19 වන දින ප.. 02.00 දක්වා දුම්රිය වෙළඳ හා අලෙවි කාර්යාලයෙන් ලබා ගත හැක. ඒ සඳහා කොළඔ 10, ශ්‍රි ලංකා දුම්රිය සේවයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී වෙත ආපසු ගෙවනු නොලබන ලංසු පෝරම ගාස්තුව ලෙස රු. 500/= මුදලක් ගෙවා ලබා ගන්නා කුවිතාන්සිය දුම්රිය මූලස්ථානයේ වෙළඳ හා අලෙවි කළමණාකරු වෙත ඉදිරිපත් අදාල අයදුම්පත් ලබා ගත යුතුය. උප ලේඛණ 01 හි සඳහන් සියළු බඩු ගබඩා වෙන වෙනම සලකා ලංසු ඉදිරිපත් කල යුතු අතර, ලංසු පෝරම ගාස්තුවට අමතරව එම ලේඛණයේ දක්වා ඇති පරිදි ආපසු ලෙවනු ලබන ලංසු බැඳුම්කරයන්ද ගෙවිය යුතුය.

 

 

வெள்ளிக்கிழமை, 06 ஜூலை 2018 06:23 அன்று இறுதியாக இற்றை செய்யப்பட்டது
 
முதல்
வரை
பொருள்
ரயில்
நிறை (கி.கி)