Srilanka Government

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ දුම්රියස්ථානවල පිහිටි ස්ථාවරභෝජනාගාර බදුදීම සඳහා ප්‍රසම්පාදන කමිටු ලංසු කැඳවීමයි.

There are no translations available.

 

ශ්‍රී ලංකා දුම්රිය සේවය

ප්‍රසම්පාදන දැන්වීමයි

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ දුම්රියස්ථානවල පිහිටි ස්ථාවරභෝජනාගාර බදුදීම සහා

ප්‍රසම්පාදන කමිටු ලංසු කැවීමයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් පහත සදහන් භෝජනාගාර වසර දෙකක කාලයකට ආහාරපාන අලෙවි කිරීමේ සේවාවන් පවත්වාගෙන යාම සහාපහත දක්වා ඇති සුදුසුකම් හා පලපුරුද්දක් ලත් ලංසු කරුවන් වෙතින් මුද්‍රා තබන ලද ප්‍රසම්පාදන ලංසුපත් කැවනු ලැබේ.

01.දකුණු කළුතර 02. පේරාදෙණිය 03. අවිස්සාවේල්ල

ඉහත සදහන් භෝජනාගාර පිළිබද විස්තර ප්‍රසම්පාදන ලියවිලි යටතේ උපලේඛණ 01 හි දක්වා ඇත.

01.සුදුසුකම්

අදාල ක්ෂේත්‍රයට අදාලව ව්‍යාපාරයක් ලෙස වලංගු ලියාපදිංචියක් සහ වසර 01 ක පලපුරුද්දක් ලබා තිබීම හා මූල්‍යමය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා අනුගාමී මාස 03 ක බැංකු ගිණුම් ප්‍රකාශනය ඉදිරිපත් කළ යුතුය.

 

02.ලංසු අයදුම්පත්‍ර ලබාගැනීම

ප්‍රසම්පාදන ලියවිලි 2020 ජනවාරි මස 16 වන දින ප.ව.2.00 දක්වා දුම්රිය වෙළද හා අලෙවි කාර්යාලයෙන් හෝ භෝජනාගාරය පිහිටි දුම්රිය ස්ථානයෙන් ලබා ගත හැක.ඒ සදහා කොළඹ 10 ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ප්‍රධාන මුල්‍ය නිලධාරි වෙත හෝ අදාල භෝජනාගාරය පිහිටි දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති වෙත ආපසු ගෙවනු නොලබන ලංසු පෝරම ගාස්තුව ලෙස රු.1000/- ක මුදලක් ගෙවා ලබා ගන්නාලද ලදුපත දුම්රිය මුලස්ථානයේ නියෝජ්‍ය අධිකාරී වෙළද හා අලෙවි වෙත හෝ අදාල දුම්රිය ස්ථානයන් වෙත හෝ ඉදිරිපත් කළ යුතුය.උපලේඛණ 01 හි සඳහන් සියළු භෝජනාගාර වෙනවෙනම සළකා ලංසු ඉදිරිපත්කළ යුතු අතර ලංසු පෝරම ගාස්තුවට අමතරව එම ලේඛණයේ දක්වා ඇති පරිදි ආපසු ගෙවනු ලබන ලංසු බැදුම්කරයක්ද ගෙවිය යුතුය.

 

03. ලංසු අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම

ඉහත 02 යටතේ සදහන් ආකාරයට එක් එක් භෝජනාගාරය වෙනුවෙන් ලබාගන්නා ලද අයදුම්පත්‍ර මුල් පිටපත හා අනු පිටපත නිසිපරිදි සම්පූර්ණ කරකවර දෙකක බහා මුද්‍රා තැබිය යුතුය. එම කවරවල මුල් පිටපත හා අනුපිටපත ලෙස පැහැදිලිව සදහන්කළ යුතුය.එම කවර දෙක තනිකවරයක බහා වම් පස ඉහල කෙළවරේ භෝජනාගාරයේ ලංසු අංකය හා භෝජනාගාරයේ නම සදහන් කර දුම්රිය ස්ථාන භෝජනාගාර ‍සඳහා ටෙන්ඩර් පතයනුවෙන් සඳහන් කොට, එම ලිපි කවරය මුද්‍රා තබා 2020 ජනවාරි මස 17 වන දින ප.ව 02.00 පෙර ලැබෙන සේ සභාපති,දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව,වෙළද හා අලෙවි කාර්යාලය,දුම්රිය මූලස්ථානය,ඔල්කට් මාවත,කොළඹ 10. ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් එවීමට හෝ දුම්රිය මූලස්ථාන නියෝජ්‍ය අධිකාරී වෙළද හා අලෙවි නිල කාමරයෙහි ටෙන්ඩර්පත් බහාලීම සදහා සකසා ඇති විශේෂ ටෙන්ඩර් පෙට්ටියේ බහාලීමට හෝ කටයුතු කළ යුතුය.එම වේලාවෙන් පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. තැපෑලේදී ප්‍රමාදවු හා නැතිවු අයදුම්පත් පිළිබදව සලකා බලනු නොලැබේ.

 

04. ලංසු භාරගැනීම හා විවෘත කිරීම

2020 ජනවාරි මස 17 වන දින ප.ව.2.00 ට ඉහත 03 ජේදයේ දක්වා ඇති පරිදි වෙළද හා අලෙවි කාර්යාලයේදී අයදුම්පත් විවෘත කරනු ලබන අතර, එම අවස්ථාවට අයදුම්කරුට හෝ ඔහුගේ බලයලත් එක් නියෝජිතයෙකුට හෝ සහභාගී වීමට ඉඩදෙනු ලැබේ.

 

05.ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු සේවකයන්ට හා ඔවුන්ගේ පවුල්වල ආසන්නම සාමාජිකයන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීම සදහා හිමිකමක් නැත.

06. ලංසු අයදුම් කිරීමට ප්‍රථම ඉහත සඳහන් සියළු භෝජනාගාර පරික්ෂාකිරීම සඳහා අයදුම්කරුවන් හට අවස්ථාව ලබා දෙන අතර ඒ සඳහා දුම්රිය මුලස්ථාන වෙළද හා අලෙවි කාර්යාලය මගින් අවසර ලබාගතයුතු වේ.

07.දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අවසාන තීරණය වේ.

 

08. ලංසුකරුවන්ට වැඩි විස්තර අවශ්‍ය නම්දුරකථන අංක :-011-2421281 – (දිගු අංකය -8235) ෆැක්ස් :- 011-2431909

හරහාශ්‍රී ලංකා දුම්රිය සේවයේ වෙළද හා අලෙවි කාර්යාලය වෙතින් ලබාගත හැක.

 

සභාපති,

දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව,

වෙළද හා අලෙවි කාර්යාලය,

දුම්රිය මූලස්ථානය,ඔල්කට් මාවත,කොළඹ 10.

 

අවසන් යාවත්කාලීන කිරීම 2020 ජනවාරි 02 වෙනි බ්‍රහස්පතින්දා, 09:42
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)