විශේෂ දුම්රිය වෙන් කරවා ගැනීම
ඔබට පහත දක්වා ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කළ හැක. ගාස්තු, වෙන් කිරීම් පිටුවේ දක්වා ඇත.
- ආකෘති පත්‍ර පිටුවෙන් 2.2 (අ) අයදුම්පත් ආකෘතිය බාගත කරගන්න.
- එම පෝරමය පුරවා දුම්රිය වාණිජ අධිකාරී වෙත යවන්න.
011-2432128 ට ෆැක්ස් කරන්න. එසේත් නැත්නම් සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 අතර කොළඹ 10 දුම්රිය මූලස්ථානයේ වාණිජ අධිකාරී කාර්යාලය වෙත භාර දෙන්න.
- තීරණය තැපැල් හෝ ෆැක්ස් මගින් ඔබට දන්වනු ලැබේ.
- ගෙවීම් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති වෙත ගෙවිය හැක.
- ගෙවීම් ලදුපත දුම්රිය වාණිජ අධිකාරි වෙත යැවිය යුතුය. (ෆැක්ස් මගින් හෝ ගෙනැවිත් භාර දීමෙන්)
ගෙවීම්
දුම්රිය සඳහා ගාස්තු
කිලෝ මීටරයක් සඳහා ගාස්තුව රු 1250.00+VAT
පෙට්ටි 05 ක වායු සමණය කළ දුම්රියකට කිලෝ මීටරයක් සඳහා ගාස්තුව රු 1350.00+VAT
අමතර මැදිරියක් සඳහා සම්පූර්ණ ගාස්තුවෙන් 10%.
රාජ්‍ය සේවකයින් සඳහා වොරන්ට් බලපත්‍ර මගින් ද ගෙවීම් කළ හැක.
ආපසු ගෙවනු ලබන තැම්පතු මුදල රු 10000.00 කි.
වැඩිදුර විස්තර සඳහා :
තනතුර |
දුරකථනය |
ෆැක්ස් |
ඊ -මේල් |
වාණිජ අධිකාරී |
+94-11-2320109 |
+94-11-2432128 |
මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ |
අවසන් යාවත්කාලීන කිරීම 2017 අප්‍රේල් 07 වෙනි සිකුරාදා, 04:03