දුම්රිය මැදිරියක් වෙන් කර ගැනීම
ඔබට පහත සඳහන් ක්‍රියාපටිපාටිය අනුගමනය කළ හැකිය. වෙන් කිරීමේ පිටුවේ ගාස්තු දක්වා ඇත.
- ආකෘති පත්‍ර පිටුවෙන් 2.2 (අ) අයැදුම්පත් ආකෘතිය බාගත කර ගන්න.
- මෙම පෝරමය පුරවා වාණිජ අධිකාරී වෙත එවන්න. (සතියේ දිනවල පෙ.ව 08.30 සිට සවස 04.00 දක්වා) මේ සඳහා 011-2432128 ෆැක්ස් කිරීම මගින් හෝ අධිකාරී කාර්යාලය, දුම්රිය මූලස්ථානය, කොළ ඹ 10ට පැමිණ භාරදීම කළ හැකිය.
- දුම්රිය වාණිජ අධිකාරිට අමතන්න. (දු.අංක - 011-2432128)
- ඔබට ඔහුගේ තීරණය ලිපියක් මගින් හෝ දුරකථන ඇමතුමක් මගින් දැනුම් දෙනු ඇත.
- මේ සඳහා වන ගෙවීම් දුම්රිය ස්ථානාධිපති (ගිණුම්) කොළඹ කොටුව වෙත මුදලින් කළ හැකිය.
- මෙම ගෙවීම් රිසිට් පත දුම්රිය වාණිජ අධිකාරීට ෆැක්ස් කිරීම හෝ පැමිණ භාර දෙන්න.
ගෙවීම් = සාමාන්‍ය ගාස්තුව + වෙන්කිරීමේ ගාස්තුව + VAT
පන්තිය | දුම්රිය මැදිරියක (සාමාන්‍ය ගමන් ගාස්තුව) | වෙන්කිරීමේ ගාස්තුව |
පළමු පන්තිය | ගෙවිය යුතුයි | Rs.280.00 + VAT |
දෙවන පන්තිය | ගෙවිය යුතුයි | Rs.200.00+ VAT |
තෙවන පන්තිය | ගෙවිය යුතුයි | Rs.200.00+ VAT |
රාජ්‍ය සේවකයන් සදහා වොරන්ට් බලපත්‍ර මගින් ගෙවීම් කළ හැකිය
ආපසු ගෙවනු ලබන තැන්පතු මුදල රු.10,000/=
සාමාන්‍ය ගාස්තුව දැන ගන්නා ආකාරය
1. දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් - www.railway.gov.lk
2. ලංකා ද්වාර වෙබ් අඩවියට පිවිසීමෙන් - www.srilanka.lk
3. ලංකා රාජ්‍ය තොරතුරු කෙන්ද්‍රයට කෙටි පණිවිඩයක් එවීම මගින් (1919)
4. ලංකා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට ඇමතීම මගින් (1919)
වැඩිදුර විස්තර සඳහා
තනතුර |
දුරකථනය |
ෆැක්ස් |
ඊ -මේල් |
සහකාර වාණිජ අධිකාරී |
+94-11-2421281 & Ext: 492/460 |
+94-11-4332128 |
මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ |
අවසන් යාවත්කාලීන කිරීම 2017 මාර්තු 20 වෙනි සදුදා, 05:18