දුම්රිය වල හා දුම්රිය පරිශ්‍රයන්හි ඡායාරූප ගැනීම හෝ රූගත කිරීම
ඔබට පහත සඳහන් ක්‍රියාපටිපාටිය අනුගමනය කළ හැකිය.
- ආකෘති පත්‍ර පිටුවෙන් 2.8 අයදුම්පත් ආකෘතිය බාගත කරගන්න.
- දුම්රිය වාණිජ අධිකාරී කාර්යාලයට යවන්න.
අංක 011-2432128 වෙත ෆැක්ස් කරන්න. එසේත් නැත්නම් සතියේ දිනවල පෙ.ව. 09.00 සිට ප.ව. 04.00 දක්වා කාලසීමාව තුළ කොළඹ 10 දුම්රිය මූලස්ථානයේ වාණිජ අධිකාරී කාර්යාලය වෙත භාර දෙන්න.
- දුරකථන අංක 011-2432128 මගින් වාණිජ අධිකාරිට කථා කරන්න.
- දුම්රිය වාණිජ අධිකාරීගේ තීරණය ඔබ වෙත දන්වනු ඇත.
- මේ සඳහා වන ගාස්තුව දුම්රිය මූලස්ථානයේ ගෙවීම් කවුන්ටරය වෙත ගෙවිය හැක.
ගාස්තුව
ඡායාරූප ගැනීම (එක් ඡායාරූපයක් සඳහා)
ශ්‍රී ලාංකීය ඉල්ලුම්කරුවන් සඳහා - රු 1000.00 (ඡායාරූප ගැනීමේ ඇප ගාස්තු රු 2000.00)
විදේශීය ඉල්ලුම්කරුවන් සඳහා - රු 2000.00 (ඡායාරූප ගැනීමේ ඇප ගාස්තු රු 2000.00)
රූගත කිරීම සඳහා (පැයකට)
ශ්‍රී ලාංකීය ඉල්ලුම්කරුවන් සඳහා - රු 5000.00 (ඡායාරූප ගැනීමේ ඇප ගාස්තු රු 15000.00)
විදේශීය ඉල්ලුම්කරුවන් සඳහා - රු 10000.00 (ඡායාරූප ගැනීමේ ඇප ගාස්තු රු30000.00)
වැඩිදුර විස්තර සඳහා
තනතුර |
දුරකථනය |
ෆැක්ස් |
ඊ -මේල් |
වාණිජ අධිකාරී |
+94-11-2320109 |
+94-11-2432128 |
මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ |