Srilanka Government

ශ්‍රී ලංකා දුම්රිය සේවය - ටෙන්ඩර් දැන්වීමයි

There are no translations available.

 

ශ්‍රී ලංකා දුම්රිය සේවය - ටෙන්ඩර් දැන්වීමයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් පහත සදහන් බඩු ගබඩා, විවේක කාමර, රථගාල්, හා දැන්වීම් ප්‍රචාරණය යන අයිතමයන් බදු ලබාදීම සදහා සුදුසුකම් ලත් ලංසුකරුවන් වෙතින් මුද්‍රාතබන ලද ප්‍රසම්පාදන ලංසුපත් කැවනු ලැබේ.

v කොළඹ බඩු ගබඩා සංකීර්ණයේ බඩු ගබඩා

කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති කොළඹ බඩු ගබඩා සංකීර්ණයේ ඇති බඩු ගබඩා භාණ්ඩ ගබඩා කිරීම සදහා වසර දෙකක කාලයකට බදු ලබාදෙනු ලැබේ.

 

(ටෙන්ඩර් අයදුම්පත් 2022.10.20 වන දින ප.ව 02.00 දක්වා ලබාගත හැකි අතර සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2022.10.21 දින ප.ව 02.00 පෙර ඉදිරිපත්කල යුතුය. 2022.10.21 දින ප.ව 02.00ට අයදුම්පත් විවෘත කිරීම සිදුවේ.)

v විවේක කාමර

දුම්රිය දෙපාර්තමේන්තුවට බණ්ඩාරවෙල බස් නැවතුම්පොල ගොඩනැගිලේ පළමු මහල ශාලාව හා දෙවන මහල විවේක කාමර 04 ක් වසර පහක කාලයකට ව්‍යාපාර කටයුත්තක් සදහා බදු ලබාදෙනු ලැබේ.

(ටෙන්ඩර් අයදුම්පත් 2022.10.17 වන දින ප.ව 2.00 දක්වා ලබාගත හැකි අතර සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2022.10.18 දින ප.ව 02.00 පෙර ඉදිරිපත්කල යුතුය. 2022.10.18 දින ප.ව 02.00ට අයදුම්පත් විවෘත කිරීම සිදුවේ.)

v රථගාල්

දුම්රිය දෙපාර්තමේන්තුව සතු රථගාල් වසර දෙකක කාලයක් සදහා බදු ලබාදෙනු ලැබේ.

අනු අංකය

රථගාල

ප්‍රමාණය

(පර්චස්)

අනු අංකය

රථගාල

ප්‍රමාණය

(පර්චස්)

01.

නාත්තන්ඩිය

14.05

09.

මරදාන දුම්රිය ස්ථානය ඉදිරිපිට

රූඩ් 1 පර් 0.40

02.

ඇල්ල

19.4

10.

බැස්ටියන් මාවත

රූඩ් 1 පර් 5.95

03.

කැප්ටන් උද්‍යාන කෝවිල පාර

14

11.

මාතර

23.09

04.

රාගම

15.97

12.

දකුණු පයාගල

16

05.

ටී.බී ජයා මාවත

102.45

13.

වාද්දුව

23.50

06.

හික්කඩුව

20.42

14.

මඩකළපුව

10.50

07.

අම්බලන්ගොඩ

8.33

15.

බුළුගහගොඩ

ව.අ 150

08.

වේයන්ගොඩ

28.57

16.

මුත්තෙට්ටුගල

ව.අ 11,000

(ටෙන්ඩර් අයදුම්පත් 2022.10.18 වන දින ප.ව 2.00 දක්වා ලබාගත හැකි අතර සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2022.10.19 දින ප.ව 02.00 පෙර ඉදිරිපත්කල යුතුය. 2022.10.19 දින ප.ව 02.00ට අයදුම්පත් විවෘත කිරීම සිදුවේ.)

v දැන්වීම් ප්‍රචාරණය

දුම්රිය දෙපාර්තමේන්තුව සතු පහත දුම්රිය රක්ෂිත හා පරිශ්‍ර දැන්වීම් ප්‍රචාරණය සදහා වසර දෙකක කාලයක් සදහා බදු ලබාදෙනු ලැබේ.

අංකය

රක්ෂිතය/පරිශ්‍රය

දැන්වීම් පුවරු

දැන්වීම් පුවරු

ප්‍රමාණය/ වර්ග අඩි

ගණන

01

කටුනායක ගුවන්තොටුපල පිවිසුම් මාර්ගය දෙපස

40 x 10

10

02

කොළඹ කොටුව ලෝටස් පාර හන්දිය

30 x 15

20 x 10

01

01

03

දෙමටගොඩ මවුන්ට් මේරි ක්‍රීඩාංගන පරිශ්‍රය

30 x 20

02

04

දෙමටගොඩ මවුන්ට් මේරි ක්‍රීඩාංගන තාප්පය

2842

.

05

මහනුවර ගැටඹේ දුම්රිය හරස් මාර්ගය අසල

30 x 20

01

06

බණ්ඩාරවෙල, ඇල්ලතොටරක්ෂිතය (සැ.159 දම් 73)

30 x 20

02

07

මරදාන දුම්රිය ස්ථාන පරිශ්‍රය

20 x 10

01

08

ජා ඇල දුම්රිය ස්ථාන පරිශ්‍රය ඉදිරිපිට

15 x 7

01

 

 

 

 

 

 

 

 

 

 

(ටෙන්ඩර් අයදුම්පත් 2022.10.19 වන දින ප.ව 2.00 දක්වා ලබාගත හැකි අතර සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2022.10.20 දින ප.ව 02.00 පෙර ඉදිරිපත්කල යුතුය. 2022.10.20 දින ප.ව 02.00ට අයදුම්පත් විවෘත කිරීම සිදුවේ.)

ලංසු අයදුම්පත් ලබාගැනීම

උක්ත බඩු ගබඩා, විවේක කාමර, රථගාල්, හා දැන්වීම් ප්‍රචාරණය යටතේ සදහන් කර ඇති දිනය තෙක් ටෙන්ඩර් අයදුම්පත් ලබාගත හැකි අතර ඒ සදහා ආපසු නොගෙවන රු.2,500/- ක මුදලක් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුවේ. ටෙන්ඩර් අයදුම්පත් සතියේ දිනවල පැය 09.00 - 15.00 දක්වා අදාල දුම්රිය ස්ථානයෙන් හෝ දුම්රිය මුලස්ථාන වෙළද හා අලෙවි අංශයෙන් ලබාගත හැක. එක් අයකු බඩු ගබඩා, විවේක කාමර, රථගාල්, හා දැන්වීම් කිහිපයක් සදහා ඉල්ලුම් කරන්නේ නම්, ඒ සදහා වෙන් වෙන්ව අයදුම්පත් ඉදිරිපත්කළ යුතුය. සපයා ඇති කොන්දේසි හා උපදෙස්වලට අනුකූලව ලංසු ඉදිරිපත් කළයුතු අතර, ටෙන්ඩර් අයදුම්පතෙහි උපලේඛණ 01 හි සඳහන් සියළු අයිතම සදහා වෙන වෙනම සළකා ලංසු ඉදිරිපත්කළ යුතුය. ලංසු පෝරම ගාස්තුවට අමතරව එම ලේඛණයේ දක්වා ඇති පරිදි ආපසු ගෙවනු ලබන ලංසු බැදුම්කරයක්ද ගෙවිය යුතුය.

ලංසු අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම‍

එක් එක් බඩු ගබඩා, විවේක කාමර, රථගාල්, හා දැන්වීම් ප්‍රචාරණය වෙනුවෙන් ලබාගන්නා ලද අයදුම්පත්‍ර මුල් පිටපත හා අනු පිටපත නිසිපරිදි සම්පූර්ණ කර කවර දෙකක බහා මුද්‍රා තැබිය යුතුය. එම කවරවල මුල් පිටපත හා අනුපිටපත ලෙස පැහැදිලිව සදහන්කළ යුතුය. එම කවර දෙක තනිකවරයක බහා වම් පස ඉහල කෙළවරේ බඩු ගබඩාවේ, විවේක කාමර, රථගාල්, හා දැන්වීම් ප්‍රචාරණ පරිශ්‍රයේ නම සදහන් කර අදාල ටෙන්ඩරය විවෘත කරනු ලබන දිනට පෙර ලැබෙන සේ සභාපති, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව, වෙළද හා අලෙවි කාර්යාලය, දුම්රිය මූලස්ථානය, ඔල්කට් මාවත, කොළඹ 10. ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් එවීමට හෝ දුම්රිය මූලස්ථාන නියෝජ්‍ය අධිකාරි වෙළද හා අලෙවි නිල කාමරයෙහි ටෙන්ඩර්පත් බහාලීම සදහා සකසා ඇති විශේෂ ටෙන්ඩර් පෙට්ටියේ බහාලීමට හෝ කටයුතු කළ යුතුය. එම වේලාවෙන් පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. තැපෑලේදී ප්‍රමාදවු හා නැතිවු අයදුම්පත් පිළිබදව සලකා බලනු නොලැබේ.

ලංසු භාරගැනීම හා විවෘත කිරීම

ඉහතින් සදහන් කර ඇති එක් එක් බඩු ගබඩා, විවේක කාමර, රථගාල්, හා දැන්වීම් ප්‍රචාරණ යන අයිතම වල සදහන්කර ඇති දිනයන් හා වේලාවන්හි වෙළද හා අලෙවි කාර්යාලයේදී අයදුම්පත් විවෘත කරනු ලබන අතර, එම අවස්ථාවට අයදුම්කරුට හෝ ඔහුගේ බලයලත් එක් නියෝජිතයෙකුට හෝ සහභාගී වීමට ඉඩදෙනු ලැබේ.

ලංසු අයදුම් කිරීමට ප්‍රථම ඉහත සඳහන් සියළු බඩු ගබඩා, විවේක කාමර, රථගාල්, හා දැන්වීම් ප්‍රචාරණ පරිශ්‍ර පරික්ෂා කිරීම සඳහා අයදුම්කරුවන් හට අවස්ථාව ලබා දෙන අතර ඒ සඳහා අදාල දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිගෙන් හෝ දුම්රිය මුලස්ථාන වෙළද හා අලෙවි කාර්යාලය මගින් අවසර ලබාගතයුතු වේ. දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අවසාන තීරණය වේ. ලංසුකරුවන්ට වැඩි විස්තර අවශ්‍ය නම් අදල දුම්රිය ස්ථානයෙන් හෝ දුරකථන අංක :-011-2421281 – (දිගු අංකය -8235) ෆැක්ස් :- 011-2431909 ඊමේල් :- இம்மின்னஞ்சல் முகவரியானது spambots இடமிருந்து பாதுகாக்கப்படுவதால், நீங்கள் இதைப் பார்ப்பதற்கு JavaScript ஐ இயலுமைப்படுத்த வேண்டும் හරහා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වෙළද හා අලෙවි කාර්යාලය වෙතින් ලබාගත හැක.

සභාපති,

දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව,

වෙළද හා අලෙවි කාර්යාලය,

දුම්රිය මූලස්ථානය,ඔල්කට් මාවත,කොළඹ 10.

 

 

வியாழக்கிழமை, 29 செப்டம்பர் 2022 10:13 அன்று இறுதியாக இற்றை செய்யப்பட்டது