Srilanka Government

Right to Information

2016 අංක 12 දරන

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්

පිළිබඳ පනත


නිවේදනයයි

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ ශ්‍රී

 

ලංකා දුම්රිය සේවය හා අදාළ තොරතුරු ලබාගැනීම සඳහා

RTI 01 දරන අයදුම් පත්ර ය මඟින් අයදුම් කළ හැකිය.

(මෙම අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්යය නොවේ)


01.තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI 01 දරන අයදුම් පත්‍රය හෝ ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කර එය ලැබුනු බවට ලිපියක් ලබාගන්න.

02. ඔබේ ඉල්ලීමට අදාළ තොරතුරු සැපයිය හැකි ද යන්න පිළිබඳව හැකි ඉක්මනින් (උපරිම කාලය දින 14 ක් තුළ) දන්වනු ලැබේ.

03. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය ඔබට දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළ යුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත.

04. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේ නම් තොරතුරු නිලධාරියා විසින් එහි කාලය දීර්ඝ කිරීමට අවශ්යෙ හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත.

05. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම යම් පුරවැසියෙකුගේ ජීවිතය හා පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුළ සිදුකරනු ඇත.

06. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාළව : -

I) තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම.

II) පනතේ 05 වැනි වගන්තිය යටතේ ප්‍රධානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍ර වේශ වීම සඳහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරීම.

III) පනත මඟින් නිශ්චිතවම දක්වා ඇති කාලසීමාවන්ට අනුකුල නොවීම.

IV) සම්පූර්ණ නොවූ, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රධානය කිරීම.

V) වැඩිපුර ගාස්තු අයකිරීම.

VI) ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම.

VII) එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍ර වේශ වීම වැලැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශකර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම.

යන හේතු මත අතෘප්තියට පත්වන්නේ නම්, ඔබට පහත සඳහන් නම්කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ හැක..

නම් කල නිලධාරියා

දමයන්ති පරණගම මිය ,

අතිරේක සාමාන්‍යාධිකාරී (පාලන),

දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලය,

දුම්රිය මූලස්ථානය,

කොළඹ 10


කාරණය

ප්‍රමාණය

අයකරන ගාස්තුව

A4 කඩදාසියේ කඩදාසියක හෝ ඊට කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්ත ඡායා පිටපත් කිරීම.

රු. 2.00

A4 කඩදාසියේ කඩදාසියක හෝ ඊට කුඩා ප්ර-මාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා එකම කොලයේ දෙපැත්ත ඡායා පිටපත් කිරීම.

රු. 4.00

ඡායා පිටපත් කිරීම

ලීගල් ප්‍රමාණයේ  කඩදාසියක හෝ A3 ප්‍රමාණයේ සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්ත ඡායා පිටපත් කිරීම.

රු. 4.00

ලීගල් ප්ර මාණයේ කඩදාසියක හෝ Aප්‍රමාණයේ සපයනු ලබන තොරතුරු සඳහා එකම කොලයේ දෙපැත්ත ඡායා පිටපත් කිරීම.

රු. 8.00

ඉහත සඳහන් කළ ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා.

සැබෑ වියදම අයකෙරේ

A4 කඩදාසියේ කඩදාසියක හෝ ඊට කුඩා ප්ර:මාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්ත ඡායා පිටපත් කිරීම.

රු. 4.00

A4 කඩදාසියේ කඩදාසියක හෝ ඊට කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා එකම කොලයේ දෙපැත්ත ඡායා පිටපත් කිරීම.

රු. 8.00

මුද්‍රිත පිටපත් ලබාගැනීම

ලීගල් ප්‍රමාණයේ කඩදාසියක හෝ A3 ප්‍රමාණයේ     සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්ත ඡායා පිටපත් කිරීම.

රු. 4.00

ලීගල් ප්‍රමාණයේ කඩදාසියක හෝ A3 ප්‍රමාණයේ                 සපයනු ලබන තොරතුරු සඳහා එකම කොලයේ දෙපැත්ත ඡායා පිටපත් කිරීම.

රු. 8.00

ඉහත සඳහන් කළ ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා.

සැබෑ වියදම අයකෙරේ

 

 

තොරතුරු සඳහා අයකරන ගාස්තු

 

ඉලෙක්ට්‍රොනික උපාංගවලට තොරතුරු ලබාදීම

පුරවැසියා විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක්, සංයුක්ත තැටියක්, යූ.එස්.බී. දත්ත පරිවාහකයක් සඳහා තොරතුරු පිටපත් කර දීමට එක් අයිතමයක් සඳහා.

රු. 20.00

පොදු අධිකාරිය විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක්, සංයුක්ත තැටියක්, යූ.එස්.බී. දත්ත පරිවාහකයක් සඳහා තොරතුරු පිටපත් කර දීමට එක් අයිතමයක් සඳහා.

සැබෑ වියදම අයකෙරේ

තොරතුරු අධ්‍යනය හා පරීක්ෂා කිරීම

යම් කිසි ලියවිල්ලක් හෝ විෂයයක් පරීක්ෂා කරන්නේ නම් හෝ අධ්‍යනය කරන්නේ නම් හෝ ඉදිකිරීම් ක්ෂ්‍රේත්‍රයක් පරීක්ෂා කරන්නේ නම් එක් පැයකට.

රු. 50.00

නියැදි (සාම්පල) හෝ ආකෘති (මොඩල) පරීක්ෂා කිරීම සඳහා

සැබෑ වියදම අයකෙරේ

ඊ මේල් මඟින් තොරතුරු ලබාගැනීම

ඊ මේල් (විද්‍යුත් තැපෑල) මඟින් සපයනු ලබන තොරතුරු සඳහා

ගාස්තු අයනොකෙරේ

විශේෂ

පොදු අධිකාරිය විසින් පිටු සතරක් (A4) ප්‍රමාණයේ තොරතුරු අන්තර්ගත හෝ සපයන ලද ඡායාපිටපත් හෝ මුද්‍රිත පිටපත් සඳහා

ගාස්තු අයකිරීමකින් තොරය

ඔබ ඉල්ලුම් කරන තොරතුරු වලට අදාළ ඉහත සඳහන් ගාස්තු ගෙවිය හැකි ක්ර-ම දෙකකි

තොරතුරු නිලධාරියාට අත්පිට මුදල් වශයෙන්

පොදු අධිකාරියේ ගිණුම් නිලධාරියා වෙත යොමු කළ යුතු බැංකු අණකරයක් මඟින්

 

මෙම කුමන ක්‍රමයට මුදල් ගෙවුවද තොරතුරු නිලධාරියා විසින් රිසිට්පතක් නිකුත් කරනු ලැබේ.

අවසන් යාවත්කාලීන කිරීම 2025 මැයි 09 වෙනි සිකුරාදා, 03:45